හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කර තිබේ.

නාමල් රාජපක්ෂ අද උදෑසන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ තිබුණි.

මේ මස 12 වෙනිදා පොදුජන පෙරමුණ විසින් රැළියක් පැවැත්වීමට සූදානම්ව සිටියි. ඒ අනුව පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් දැනට පවසමින් සිටින්නේ තමන් කුමන බාධක පැමිණියත් එම රැළිය පවත්වන බවයි.

එසේම ඔවුන් චෝදනා කරමින් සිටින්නේ මෙම තීන්දුව පිළිබඳ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පෙර සිටම දැනසිටීම හරහා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධ ප්‍රශ්නයක් මතුවන බවයි.

ආණ්ඩුව පාර්ශවයෙන් මෙම අත්අඩංගුවට ගැනීම ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමක් ලෙස සළකන බව පෙනේ. තවත් පැත්තකින් මේ හරහා ඉහළ යන ජීවන වියදම සම්බන්ධ ප්‍රශ්නය යටපත් කිරීමට ආණ්ඩුව උත්සහ ගන්නවා ඇත.

වංචා දූෂණ සම්බන්ධයෙන් දඬුවම් ලබාදීම කළයුතු වුවත් එය පමණක් ප්‍රමාණවත් නොවන්නේ අප වැටී සිටින ආර්ථික අර්බුදය නිසයි. අවම වශයෙන් වංචා කරන ලද මුදල් නැවත අයකර ගැනීමට සහ නැවත එවැනි වංචාවන් ඇතිවීම වැලක්වීමට අවශ්‍ය නීති ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළයුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...