හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කර තිබේ.

නාමල් රාජපක්ෂ අද උදෑසන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ තිබුණි.

මේ මස 12 වෙනිදා පොදුජන පෙරමුණ විසින් රැළියක් පැවැත්වීමට සූදානම්ව සිටියි. ඒ අනුව පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් දැනට පවසමින් සිටින්නේ තමන් කුමන බාධක පැමිණියත් එම රැළිය පවත්වන බවයි.

එසේම ඔවුන් චෝදනා කරමින් සිටින්නේ මෙම තීන්දුව පිළිබඳ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පෙර සිටම දැනසිටීම හරහා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධ ප්‍රශ්නයක් මතුවන බවයි.

ආණ්ඩුව පාර්ශවයෙන් මෙම අත්අඩංගුවට ගැනීම ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමක් ලෙස සළකන බව පෙනේ. තවත් පැත්තකින් මේ හරහා ඉහළ යන ජීවන වියදම සම්බන්ධ ප්‍රශ්නය යටපත් කිරීමට ආණ්ඩුව උත්සහ ගන්නවා ඇත.

වංචා දූෂණ සම්බන්ධයෙන් දඬුවම් ලබාදීම කළයුතු වුවත් එය පමණක් ප්‍රමාණවත් නොවන්නේ අප වැටී සිටින ආර්ථික අර්බුදය නිසයි. අවම වශයෙන් වංචා කරන ලද මුදල් නැවත අයකර ගැනීමට සහ නැවත එවැනි වංචාවන් ඇතිවීම වැලක්වීමට අවශ්‍ය නීති ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළයුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...