” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත ” නිකිණි පුරහඳ” කාව්‍ය කෘතිය ජනගත කිරීම 2026 ඔක්තෝබර් මස 04 වන දා සවස දෙකට ගාල්ල caritas galle – SED ශාලාවේ
දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම අවස්ථාව සඳහා ප්‍රවීන ලේඛක කිවියර , දේශක, භාෂා පරිවර්තක, චූලානන්ද සමරනායක මහත්මා , රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජේ්‍ය්ෂ්ඨ මහාචාර්ය ,සමිමානිත කිවියර, ගීත රචක නන්දසිරි කීඹියහෙට්ටි මහතා මෙන්ම සම්මානිත ප්‍රවීන කිවියර ඉලක්ෂ ජයවර්ධන මහතා දේශන සිදු කරනු ලබයි.

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් ගයාන් අබේගුනවර්ධන මේ වනවිට වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර ඔහු දැනට බලපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස ක⁣ටයුතු කරන අතර කවියකු ලෙස මේ ඔහුගේ ප්‍රථම ආගමනයයි. ඔහු මේ වන විට ගීත නිර්මාණ කිහිපයක්ද සිදු කර තම කලා කෞෂල්‍යන් තවදුරටත් ඔප්නංවා ගනිමින් සිටින්නෙකි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...