දිට්වා හානියට වසරයි – ප්‍රශ්නවලට විසඳුම් නෑ

දිට්වා හානියට වසරක් ගතවීත් හානිවූ දේපොළ සඳහා වන්දි ලබාදීම සහ ප්‍රශ්නවලට විසදුම් ලබානොදීමට එරෙහිව අද නුවරඑළිය නගරයේ උද්ඝෝෂණ පාගමනක් සංවිධාන කෙරී තිබුණි.

ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධාන කර තිබු මෙම පාගමනේ ප්‍රධාන සටන් පාඨ වී තිබුනේ දිට්වා හානියට වසරයි !නිවාස-පාසල්-මාවත්-පාළම් අබලන් විසදුම් දියව් ! සහ වත්තේ කඹුරන, මලෙහ තමිල් අපිට ඉඩම් අයිතියක් නෑ.! දිට්වා සහන – වන්දි – නිවාසත් නෑ, ඉඩම් අයිතිය දියව්.!

මේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් දක්වමින් ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ තම facebook ගිණුමේ සටහනක් යොදා තිබුණි.

”මේ පුවරු වල ඉල්ලීම් දිහා බලන්න.! මේ බෝඩ් අල්ලන් ඉන්නේ මලෙයිහ තමිල් වැසියන්. ඔවුන්ගේ ලයින් කාමර නාය ගිහින් වසරයි.! සමහර ඒවා තවමත් පුපුරලා බිත්ති කැඩිලා. වහිනකොට තෙමෙනවා. ස්කෝල වහලාම දාලා. හැබැයි වසරක් උත්තර නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල – තවත් රාජ්‍ය ආයතන වල – ආන්ඩුවේ මන්ත්‍රීලා ඉස්සරහා – වතු අධිකාරිලා ඉස්සරහ ලිපි සහ වාචිකව කරන්න පුළුවන් සියලුම් ඉල්ලීම් කරලා ඉවරයි.! නමුත් උත්තර නෑ.!
මේ ජනතාව මොකද්ද කරන්න ඕන?
දිට්වා ව්‍යසනයට මුහුණ දුන් බොහෝ පැති වල තත්වය මේක.
මේ අද(29) නුවරඑළිය නගරයේ පැවති විරෝධතාවයේ වීඩියෝවක්. අනෙක් දිට්වා වින්දිත ගම් වලත් නියෝජනයක් සම්බන්ධ වුණා.”

මේ අතර අගමැතිවරියගේ සහභාගිත්වයෙන් දිට්වා අපදාවෙන් මියගිය සහ ආපදාවට පත් සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් මහනුවර පල්ලේගම, වැල්ගාල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරයේ අනුස්මරණ පුණ්‍යෝත්සවයක් සහ මහනුවර ගැටඹේ ජාල පොම්පාගාරයක් ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමක් සිදුකර තිබුණි. ආණ්ඩුවට දිට්වා ආපදා තත්ත්වය ඇතිවී වසරක් ගතවීමෙන් පසු කිරීමට සිදුවී තිබෙන්නේ සිහිකිරීම් පමණි. ආපදාවට ගොදුරුවූ ජනතාවගේ ප්‍රශ්න එසේම ඉතිරි වී තිබේ. මෙම ආපදාව සිදුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කලේ තහඩුවක් ගියත් ලක්ෂ 2ක් බවයි. නමුත් මුළුමනින්ම නිවාස අහිමිවූ ජනතාවගේ ප්‍රශ්නය පවා විසදීමට ආණ්ඩුව සමත්ව නැත.

Share post:

Popular

වෙනත් පුවත්

“වධකයන්ට” මාව අමතක වුණාට මට “වධකයෝ” අමතක නැත………..!! – පෝද්දල ජයන්ත ලියයි

ලලිත් කුමාර වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් කිරීමේ නඩුවේ...

ලලිත්-කුගන් අතුරුදන් කිරීම ගැන අහන්න ගෝඨාභය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

ලලිත් සහ කුගන් අතුරුදන් කිරීමට අදාළ නඩුවට සක්ෂි දීමට...

රදලයෙකු ප්‍රවේණිදාසයෙකුට කියන්නාක් මෙන් – “උඹලට ඔච්චර තමයි දෙන්නේ. මම දෙන දෙයක් කාලා කට පියාගෙන හිටපියව්”

ජනාධිපතිවරයා ඊයේ සිය පක්ෂ සාමාජිකයන් කැඳවා කම්කරු ඉල්ලීම් පිළිබඳ...

එළවළු මිල තවත් ඉහළට

පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ දිනෙන් දින ඉහල යමින්...