කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව වාර්තා වේ
අසනීප තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද උදෑසන සියඹලන්ගමුව ප්රදේශයේ ඇදවැටී සිටියදී හමුවී තිබේ.
ගල්ගමුව ප්රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්රතිකාර ආරම්භ කර තිබුණි.
පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව පශු වෛද්ය කණ්ඩායම් පවසා තිබුණි.
කෙසේවෙතත් සමාජ මාධ්ය හරහා අදහස් දක්වන බොහෝ පිරිසක් මෙම හස්තියාගේ මරණය සම්බන්ධයෙන් පරිසර ඇමති ඇතුළු රජයට චෝදනා කරමින් සිටියි. එයට හේතුව මෙවැනි වටිනා පරිසර ජීවින් රැක ගැනීම සඳහා තවමත් නිසි ක්රමවේදයක් නොමැතිවීම සම්බන්ධයෙනි.




