රාජපක්ෂ පුතුන්ගේ පැරණි රසාංග

රාජපක්ෂ පුතුන්ගේ පැරණි රසාංග

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂට ගිනිඅවි 6ක් ලබාදී තිබූ බවත්, ඉන් දෙකක් තවමත් ඔහුගේ භාරයේ තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදි පවසා තිබුණි.

රාජපක්ෂ පුතුන් විසින් ප්‍රසිද්ධියේ ගිනි අවි පාවිච්චි කිරීම ගැන සිදුවීම් මීට පෙර වාර්තා වි තිබුණි. රාවය පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදියෙකු වූ කසුන් පුස්සවෙල විසින් එම සිදුවීම සම්බන්ධයෙන් 2015 වසරේ ඔහු වීසින් ලියන ලද පුවත් කිහිපයක් නැවත ඔහුගේ මුහුණු පොතේ පලකර තිබේ.

එම තොරතුරුවලට අනුව නාමල් රාජපක්ෂ,යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ ඇතුලු සිවිල් රග්බි ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරන ජාතික රග්බි සංචිතය 2014 වසරේ අප්‍රේල් මස ශ්‍රී ලංකා රග්බි නිල ෆේස් බුක් පිටුවේ අපූරු ජායාරූප පෙළක් පළ කර තිබී ඇත..එම ජායාරූපවල ඔවුන් සිටියේ ටී 56 තුවක්කු මානාගෙනය. රටේ නීතිය අනුව එවැනි ස්වයංක්‍රීය හෝ මොනයම් හෝ ගිනි අවි භාවිතා කළ හැක්කේ ඒ සඳහා බලය සහ අවසර ඇති පුද්ගලයන් සඳහා පමණි. යෝෂිත එවකට නාවික සෙබලෙක් වුවද ජාතික රග්බි සංචිතය තුළ ඔහුටවත් ගිනි අවි සමග පුහුණු විය නොහැකිය.

මේ පිළිබඳව රාවය පුවත්පතේ මාධ්‍යවේදීයෙකු ලෙස කසුන් පුස්සවෙළ මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහනගෙන් විමසා ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ කිසිම හේතුවක් මත කිසියම් සිවිල් පුරවැසියෙකු හෝ,ජාතික ක්‍රීඩා කන්ඩායමකට එලෙස ටී56 තුවක්කු භාවිතා කළ නොහැකි බවකි. ජනපති පුතුන් මෙලෙස සිටි බව කී විට තමන් එවැන්නක් තාම නොදැක්ක බව කියා දුරකතනය විසන්ධි කරන ලද බව සඳහන් වේ.

මෙය ත්‍රිකුණාමලය නාවිකා හමුදා කඳවුරේ සිදූවූවක් බැවින් එවකට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරියගෙන් විමසූ විට පවසා ඇත්තේ එම අවි ඩමි(අනූරූ) අවි බවත්, දරාගැනීමෙ පුහුණුවක් සඳහා මෙලෙස ටී56 තුවක්කුවට සමාන ඩමි අවි ලබා දුන් බවත්ය.

දැනට වර්තමාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන තොරතරු අනුව බලන කල රාජපක්ෂලා බලය නැති සමයේද නිත්‍යන්කුල ප්‍රමාණයට වඩා ගිනි අවි ප්‍රමානයක් ඔවුන් සතුව තිබී ඇත. නමුත් පසුගිය ආණ්ඩු ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නැත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...