යෝෂිත ළඟ ගිනිඅවි හතක් තිබිලා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් ගිනි අවි පහක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසා තිබේ.

 

යෝෂිත රාජපක්‍ෂ මහතා සන්තකයේ දැනට ගිනි අවි දෙකක් තිබෙන බවත් එක් ගිනි අවියක් නැවත භාරදෙන ලෙස දැනුම්දීමක් කළබව ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.

 

ඔහු මේ බව පැවසුවේ අද (29) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

බලපත්‍රලාභි ගිනි අවි 1687ක් තිබෙන බවත් බලපත්‍රලාභි පුද්ගලයින් 1550ක් සිටින බවත් පැවසු සම්පත් තුයියකොන්තා මහතා විගණනයට හා රජයට ගිණිඅවි 1368 භාරදී තිබෙන බව පැවසුවා.

 

ඉන් ගිණි අවි 182 භාර නොදී තිබෙන බවත් ගිනිඅවි භාරනොදුන් පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...