යෝෂිත ළඟ ගිනිඅවි හතක් තිබිලා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් ගිනි අවි පහක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසා තිබේ.

 

යෝෂිත රාජපක්‍ෂ මහතා සන්තකයේ දැනට ගිනි අවි දෙකක් තිබෙන බවත් එක් ගිනි අවියක් නැවත භාරදෙන ලෙස දැනුම්දීමක් කළබව ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.

 

ඔහු මේ බව පැවසුවේ අද (29) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

බලපත්‍රලාභි ගිනි අවි 1687ක් තිබෙන බවත් බලපත්‍රලාභි පුද්ගලයින් 1550ක් සිටින බවත් පැවසු සම්පත් තුයියකොන්තා මහතා විගණනයට හා රජයට ගිණිඅවි 1368 භාරදී තිබෙන බව පැවසුවා.

 

ඉන් ගිණි අවි 182 භාර නොදී තිබෙන බවත් ගිනිඅවි භාරනොදුන් පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...