ජීවන වියදම ඉහළ යෑම සහ රජයේ යෝජිත අයවැයට එරෙහිව වෘත්තීය සමිති විසින් කැඳවන ලද මහා වැඩවර්ජනය සඳහා මිලියන 1.5 කට අධික ජනතාවක් විරෝධතා දැක්වීම සඳහා වීදි බැස සිටි බව ප්‍රංශයෙන් වාර්තා වෙනවා. සැප්තැම්බර් මාසයේ සිට විරෝධතාවල නිරත වන තරුණ ශිෂ්‍ය බලවේගය ද වෘත්තීය සමිති අරගල ක්‍රියාමාර්ග සමඟ සම්බන්ධ උනේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමයට, පන්ති කාමරවල පවතින තදබදයට මෙන්ම අබලන් වූ පාසල් ගොඩනැගිලි වෙනුවට නව ගොඩනැගිලි අවශ්‍ය බව පවසමින් අරගෙන ගිය අරගලයද ඒකාබද්ධ කරමින් .
රට පුරා විරෝධතා පාගමන් සහ රැළි 250 කට අධික ප්‍රමාණයක් සංවිධානය කර තිබුණි.
සහභාගිත්වය සැලකීමේදී පැරිස් නුවරින් 350,000 ක්, මාසේල් වෙතින් 150,000 ක්, බෝර්ඩෝ වෙතින් 120,000 ක්, ලිලී වෙතින් 100,000 ක්, ටූලූස් වෙතින් 80,000 ක්, ලියොන් වෙතින් 60,000 ක් ආදී වශයෙන් ජනතාව එක්ව සිටියා.
Lyon, Marseille, Nantes, Strasbourg ඇතුළු නගර බොහොමයක පොලිසිය සමඟ ගැටුම් ඇති විය. පැරිසියේදී පොලිස් ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ඇතුළු 1,000 කට අධික පිරිසකට පොලිස් පහරදීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ අතර විරෝධතාකරුවන් 448 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
සිසුන් සහ “කහ කබාකරුවන්” (Yellow Vests) විසින් “ACT IV” ක්‍රියාමාර්ගය ලෙස හෙට දිනයේ දී නොවැම්බර් 7 වන සෙනසුරාදා රට පුරා නව විරෝධතා රැල්ලක් කැඳවා තියෙනවා.
ඔක්තෝබර් 17 වන දින “ACT I” සඳහා මිලියනයකට අධික පිරිසක් ද, ඔක්තෝබර් 24 වන දින “ACT II” සඳහා 800,000 ක් ද, ඔක්තෝබර් 31 වන දින “ACT III” සඳහා 500,000 ක ජනතාවක් ද වීදි බැස විරෝධතා දැක්වූහ.











