NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ අධ්යහනයෙන් තොර ප්රශ්න අහන මාධ්යවේදීන්ගේ වැනෙන ප්රශ්න
පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් වර්තමාන අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම සූදානම් වෙන්නේ ත්රස්තවාදයෙන් න් රාජ්ය ආරක්ෂා කර ගැනීම නමින් නව පනතක් සම්මත කර ගැනීමටයි . මේ මර්දන පනතට එරෙහිව විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන වෘත්තිකයන් සහ සමාජ දේශපාලන ක්රියාදරයන් ඇතුළුව දේශපාලන පක්ෂ තමන්ගේ විරෝධය පළ කරමින් මහ මග උද්ඝෝෂණ කරමින් ඉන්නවා .
PSTA පනත් කෙටුම්පත සමාජ ගත වෙලා , සමාජ විරෝධී භාවය පිළිබඳව සමාජය තුළ පුළුල් කතිකාවතක් නිර්මාණය වෙලා තිබෙන මොහොතක දේශපාලන වැඩසටහන් ආවරණය කරන්නට යන මාධ්යවේදින් තමන්ටත් බලපාන PSTA පනත කියවා අවබෝධයකින් සිටින එක වැදගත් වෙනවා . දේශපාලකයන් බොරු උත්තර ලබාදෙද්දී සහ තමන් විසින් ගෙනෙන මෙවැනි මර්දනකාරී පනත් සුරංගනා කතාවෙන් වර්ණනා කරද්දී එරෙහිව ප්රශ්න කරන්න පුළුවන් මාධ්යවේදියා ප්රශ්න කරන විෂය පිළිබඳව පුළුල් අවබෝධයක් තිබුනොත් පමණයි . සේ නොමැති තැන ප්රශ්න අහන්න වෙන්නේ අරයා කිව්වා මෙයා කිව්වා කියමින් ඉන්නවා වගේ ආදේශක වාක්ය යොදල.
වර්තමාන ආණ්ඩුවේ ප්රවාහන සහ මහාමාර්ග නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන ගෙන් මාධ්යවේදියෙක් පහත පැනය අසනවා . PSTA පනත හරහා මාධ්යවේදීන්ගේ නිදහසත් අහිමි වෙනවා කියලා තමයි ඔහු පැනය යොමු කරන්නේ . ඉතින් PSTA කෙටුම්පත පිළිබඳ කිසිදු අවබෝධයක් නැති මාධ්යවේදියෙක් අහන වැනෙන ප්රශ්නයට නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන NPP කාරයෝ කෝකටත් තෛලය ලෙස ප්රකාශ කරන මාදිලියේ පිළිතුරක් ඒ ප්රශ්නයටත් ලබා දෙනවා .
පහත පලවන්නේ මාධ්යවේදියාගේ පැනය සහ කෝකටත් තෛලය පිළිතුර

මාධ්යවේදියා:
“ඔබතුමාගේ විෂය පථයේ නොවුණත් අද රට තුළ විශාල කතිකාවතකට පත් වෙලා තියෙන ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කර ගැනීමේ පනත සම්බන්ධව ප්රශ්නයක් අහන්න ඕන කියලා මාධ්යවේදියා ප්රශ්නයක් යොමු කරනවා. මේ පනත නිසා මාධ්ය නිදහස නැති වෙනවා, මාධ්යවේදීන්ට යම්කිසි දෙයක් රජයට විරුද්ධව ලියන්න බැහැ, විකාශනය කරන්න බැහැ, පොඩ්ඩක් ඇත්නම් රජය විවේචනය කරපු අය මාස දෙක-තුනක් රක්ෂිත බන්ධනාගාරවල රඳවා ගන්න පුළුවන්… මේ තියෙන ත්රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා ප්රබල එකක් ඔබතුමාලා ගේන්න සූදානම් වෙනවා කියලා චෝදනා එනවා. මේ පිළිබඳව ඇත්ත කතාව මොකක්ද? මම කියන්නේ තවත් සංවිධානාත්මක අපරාධ මර්දන පනතත් එක්ක මේ හරහා ජනතාවගේ මානව හිමිකම් අහෝසි වෙනවා කියලා තමයි චෝදනා එන්නේ.”
පිළිතුර: නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන
“දැන් අපි බලයට එන්න කලින් ලොකු චෝදනා ගෙනාවා. පෙරහැර නැති වෙනවා, මර්දනය කරනවා, ගෙවල් දෙකක් තිබුණොත් එකක් ගන්නවා, හරක් දෙන්නෙක් හිටියොත් හරකෙක් ගන්නවා කියලා . ඊට පස්සේ දැන් මාධ්ය මර්දනයත් එකේම කොටසක්. හැබැයි අවුරුදු දෙකකට කලින් ලංකාව තිබ්බට වඩා ශ්රේණිගත කිරීම් (ratings) වලින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මාධ්ය නිදහස කියන්නේ ඔබතුමාගේ ක්ෂේත්රය. මට වඩා ඔබතුමාලා ඒක දැනගන්න ඕනෑ. ඒ ක්ෂේත්රයේ අපි කොතැනටද ඇවිල්ලා තියෙන්නේ කියලා.
ඊළඟට ස්ත්රී පුරුෂ සමානාත්මතාවය (Gender equality) ගත්තොත්, ඒකෙත් අපි ශ්රේණිගත කිරීම් වලින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. සමාජ සාධාරණත්වය බලන උසස් සමාජයක් කියලා කියන්න පුළුවන් නිර්ණායක හැම එකකින්ම — UNDP සහ අනෙකුත් ආයතන වලින් කරපු සමීක්ෂණ හැම එකකින්ම අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා.
එතකොට අපිට බලන්න තියෙන්නේ පාලන භාවිතය. අපි මේ අවුරුදු දෙකේ කොහොමද හැසිරුණේ? මාධ්ය හැසිරීම කෙරෙහි අපි අවධානය යොමු කළේ කොහොමද කියන එක මත තමයි ඉදිරි කටයුතු තීරණය වෙන්නේ. මේක කිසිසේත්ම මර්දනයක් නෙවෙයි; ලංකාව ඇතුළේ නීතිය සාධනීය විදියට ක්රියාත්මක කරන්න පුළුවන් පරිසරයක් හදාගෙන යන වැඩක්.
- ප්රශ්න අහන මාධ්යවේදීන් ඉදිරියේ මෙවැනි පිළිතුරු ලබා දුන්නත් ජනතාව ප්රශ්න කරමින් සිටින්නේ මෙවැනි මර්ධනකාරී පනතක් සම්මත උනයින් පසුව රාජ්ය මර්ධන යාන්ත්රය ක්රියාත්මක වන ආකාරය පිළිබඳවයි. දැනටමත් පොලිසියේ මර්ධනය ක්රියාත්මක වෙන ආකාරය පිළිබඳව අවබෝධයක් සහ අත්දැකීමක් ඇති ජනතාවක් හැටියට අනුර කුමාරගේ ආණ්ඩුව නීතියක් මගින් මර්දනය සඳහා බලපත් ලබා දුන් විට සිදු වන්නේ කුමක්ද කියන එක පිළිබඳව මේ තක්කඩි අමාත්යවරුන්ට දැන් වැටහෙන්නේ නැති උනත් සිදු වන්නේ කුමක්ද කියා අපට උපකල්පනය කළ හැකි.
- මාධ්යවේදීන්ගේ කාර්යභාරය විය යුත්තේ මතිවරු නියෝජ්ය ඇමතිවරු ආණ්ඩුවේ යන් ලබාදෙන ඕනෑම පිළිතුරක් නිහඬව බාර ගැනීම වෙනුවට මර්දනකාරී අණ පනත් පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව ප්රශ්න කිරීමට සූදානම්ව යන එකයි




