ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කර ඇති අතර, ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) සමඟ සාකච්ඡාවක් සඳහා ගොස් තිබේ.
එම පක්ෂයේ විදේශ කටයුතු අංශයේ ආරාධනය පරිදි, BJP හි “KNOW BJP” (BJP හඳුනාගැනීමේ) වැඩසටහන යටතේ මෙම දූත පිරිස ඉන්දියාවේ සංචාරය කරයි. දේශපාලන සබඳතා ශක්තිමත් කිරීම සහ පක්ෂ දෙක අතර සංවිධානාත්මක අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව ඉන්දීය සහ ශ්‍රී ලාංකික වාර්තා සඳහන් කරයි.
සැප්තැම්බර් 27 වන දින දිල්ලියේදී, BJP විදේශ කටයුතු අංශයේ ප්‍රධානී විජේ චෞතායිවාලේ සමඟ එක්ව ටිල්වින් සිල්වා සහ ඔහුගේ දූත පිරිස සමඟ සාකච්ඡා පැවැත්වූ බව BJP දේශපාලනඥ වනාති ශ්‍රීනිවාසන් පවසා තිබේ.
මෙම JVP දූත පිරිසට මධ්‍යම කාරක සභික චන්ද්‍රිකා අධිකාරි, පාර්ලිමේන්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා, දිස්ත්‍රික් කාරක සභික කබිලන් සුන්දරමූර්ති සහ ජාත්‍යන්තර කටයුතු අංශයේ සාමාජිකා කල්පනා මධුභාෂිණී ද ඇතුළත් වේ .
මෙම සංචාරය අතරතුර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්, BJP ජාතික සභාපති නිතින් නබින් සහ වෙනත් ජ්‍යෙෂ්ඨ දේශපාලන නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද මෙම දූත පිරිස අපේක්ෂා කරයි.
භාරතීය ජනතා පක්ෂය යනු හින්දුත්ව සංකල්පය මූලික කරගනිමින් ඉන්දියාව තුළ ජාතිවාදය වපුරමින් නව ලිබරල් වැඩපිළිවෙල ඉතා මර්දනකාරී ලෙස ඉදිරියට රැගෙන යන පක්ෂයකි. මෙම පක්ෂයේ පාලනයට එරෙහිව ඉන්දියාවේ සියලුම ප්‍රගතිශී බලවේග එකට එකතුවී සටන් කරමින් සිටියි. පසුගියදා ඉන්දියාවේ තරුණ අරගලය ඔස්සේ එලියට පැමිණියේ එම කෝපයයි. එම අරගලය අවස්ථාවේ ශිෂ්‍යන් සහ තරුණයන් සිරගත කරමින් සෝදිසි කිරීමවලට ලක්කිරීම් විශාල වශයෙන් සිදුවිය. එසේ ඉතාමත් විකෘති ඉතිහාසයකට හිමිකම් කියන භාරතීය ජනතා පක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණට හුවමාරු කරගැනීමට තිබෙන්නේ කුමක්ද යන ප්‍රශ්නය මතුවේ.




