ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය

යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ (PSTA) සම්බන්ධයෙන් පුළුල් මහජන උපදේශන ක්‍රියාවලියක් සිදු කරන තෙක් යුක්තිය හා සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂන කාරක සභාවේදී අවසන් තීරණයක් නොගන්නා ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තුවේදී මෙම කරුණ මතු කරමින් විපක්ෂ මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් ප්‍රකාශ කළේ, නොවැම්බර් 7 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහජන උපදේශන පවත්වන බවට ප්‍රකාශ කර තිබියදීත්, යෝජිත පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා ‘පාලනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව’ අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබූ බවයි.

ෆයිසර් මුස්තාෆා, අජිත් පී. පෙරේරා, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, මුජිබර් රහුමාන් සහ තමන් ඇතුළු එම කාරක සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරමින්, කාරක සභාව තුළ සාකච්ඡා ඉදිරියට ගෙන ගියද, කිසිදු අවසන් තීරණයක් ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටි බව ඔහු පැවසීය.

සිවිල් සමාජ නියෝජිතයින් විශාල පිරිසකට මෙම උපදේශන ක්‍රියාවලියට සහභාගී වීමට ආරාධනා කර නොමැති බව පෙන්වා දුන් රාසමාණික්කම්, කාරක සභාව තීරණයකට එළඹීමට පෙර ඔවුන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

මෙම කරුණු සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේ, යෝජිත පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරීක්ෂාවට ලක් කර ඇති නමුත්, ජනාධිපතිවරයා මහජන උපදේශන පැවැත්වීමට පොරොන්දු වී ඇති බවයි.

උපදේශන ක්‍රියාවලියට සහභාගී වූවන් ස්වේච්ඡාවෙන් ඊට එක්වීමට ඉල්ලා සිටි පිරිසක් බවත්, වෙනත් යම් ගැටලු ඇත්නම් ඒවා ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ මතු කළ හැකි බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මැදිහත් වෙමින් ප්‍රකාශ කළේ, මෙම ගැටලුව කාරක සභා මට්ටමින් විසඳා ගත යුතු බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ තවදුරටත් විවාද කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය.

කෙසේ වෙතත්, 1979 දී සම්මත කරන ලද ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ (PTA) ගැන සඳහන් කරමින් අදහස් දැක්වූ රාසමාණික්කම්, යෝජිත නව පනත සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසින් එය ඉතා සැලකිල්ලෙන් පරීක්ෂා කළ යුතු බවට අනතුරු ඇඟවීය.

පනතක් සම්මත කිරීමෙන් පසු එය සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තුවේ යාන්ත්‍රණයක් නොමැති බවත්, එබැවින් යෝජිත නීතිය නිසි ලෙස පරීක්ෂා කිරීම සඳහා එය සම්මත කිරීමට පෙර අවධිය ඉතා තීරණාත්මක බවත් ඔහු තර්ක කර තිබේ.

මෙම සංවාදය දිගටම පැවතීමත් සමඟ, විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු තම අසුන්වලින් නැගී සිටිමින් වි විපක්ෂ මන්ත්‍රී රවුෆ් හකීම් ද මැදිහත් වෙමින්, මෙම ගැටලුව ආංශික අධීක්ෂණ කමිටුවට පමණක් සීමා කළ යුතු බවට අධිකරණ අමාත්‍යවරයාගේ ස්ථාවරය ප්‍රතික්ෂේප කර ඇත.

කමිටුව පාර්ලිමේන්තුව විසින් ස්ථාපිත කරන ලද බවත්, මේ සම්බන්ධයෙන් තීරණය කිරීමට සභාවට බලය ඇති බවත් රාවුෆ් හකීම් ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය වෙමින් පවතින බවට ද ඔහු චෝදනා කර ඇත.

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අඛණ්ඩ විරෝධතා නොතකා, නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ්, ඔවුන්ගේ ගැටළු සටහන් කර ඇති බව රාසමානික්කම්ට දැනුම් දුන් අතර, මෙම කාරණය කමිටුවේදී සාකච්ඡා කළ යුතු බව නැවත අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා පුළුල් මහජන සහභාගීත්වයක් ලබාගැනීම ගැන සඳහන් කළද අවසානයේ කිරීමට සූදානම් වන්නේ තමන්ට පක්ෂපාති පිරිස් වෙතින් පමණක් අදහස් විමසා මෙම පනත සම්මත කිරීමට උත්සාහ කිරීම බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගෙන් ‘සිග්නල්’ එකක්

ජාතික විරෝධතා දිනයට සමගාමීව රට පුරා සංවර්ධන නිලධාරීන් ඇතුළු...

මහින්ද ජයසිංහට පුබුදුගෙන් පැහැදිලි කිරීමක්

එම පෙරපාසල් ගුරුවරිය ඇසූ ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දිය...

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...