ජාතික විරෝධතා දිනයට සමගාමීව රට පුරා සංවර්ධන නිලධාරීන් ඇතුළු පොදු රජයේ සේවකයන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ගුරුවරුන් විරෝධතාවල නිරත වී තිබේ. මීට අමතරව රාජ්‍ය සේවකයන් බොහොමයක් සේවයට වාර්තා කර තිබුනේ කළු ඇඳුමින් සැරසීගෙනයි.
මෙම විරෝධතාවය විවිධ දිස්ත්‍රික්කවල විවිධ රාජ්‍ය සේවා වෘත්තීය සමිති, ගුරු සංගම් සහ සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබුණි.
ජීවන වියදම ඉහළ යෑම හමුවේ තමන් ලබා ගන්නා වැටුප ප්‍රමාණවත් නොවන නිසා මෙවර අයවැයෙන් තම වැටුප වැඩි කර දීමට හෝ ජීවන බර අඩු කිරිමට පියවර ගන්නා ලෙස එම උද්ඝෝෂණයේ නිරතව සිටි රාජ්‍ය සේවකයන් ඉල්ලා තිබුණි. මෙහිදී ඔවුන්ගේ පොදු ඉල්ලීම් වී තිබුනේ,
සියලු සේවකයින්ට රු.25,000/- ක අතුරු දීමනාවක්
ලබාදෙනු!
දිනපහ සතිය, අතිකාල රේට් ඇතුළු ඉල්ලීම්. වහා ලබාදෙනු!
හෙද නිලධාරීන්ගේ කප්පාදු කළ 1/20,1/160 නැවත ලබාදෙනු!
ආහාර, සෞඛ්‍ය, පාසල් උපකරණවල බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරනු!
උද්ඝෝෂණ මර්දනයට ගේන PSTA-OCA පනත් ඉරා දමව්!
මෙම විරෝධතා පැවැත්වීමට පෙර සිටම ආණ්ඩුව විවිධ චෝදනා නගමින් මෙය කඩාකප්පල් කිරීමට උත්සහ කර තිබුණි. එහිදී මෙය ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයන් පැවසුවේ මෙම විරෝධතා ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කර තිබෙන්නේ 200ක් 300ක් වත් එකතු කර ගැනීමට නොහැකි රතු කල්ලියක් විසින් බවයි. ඒ හරහා එක පැත්තකින් ආණ්ඩුව උත්සහ ගනු ලැබුවේ මෙය එක් පාර්ශවක සටනක් පමණක් බව අඟවා පොදු රාජ්‍ය සේවකයන් සටනට පැමිණීම අධෛර්ය කිරීමටයි. නමුත් අද දිනයේ ඇවිල ගිය විරෝධතාවලින් පෙනෙන්නේ පොදු රාජ්‍ය සේවකයා එම ප්‍රකාශ සතයකටවත් මායිම් කර නැති බවයි. කෙසේවෙතත් රාජ්‍ය සේවකයන් අද දිනයේ ලබාදුන් මෙම පණිවිඩය ආණ්ඩුව නොසලකා හැරියහොත් එය ආණ්ඩුවේ විශාල පරාජයකට පාර කපනු ඇති බව නොරහසකි.




