දේශබන්දුගේ උපදෙස් මත ආගමික වැරදි විමර්ශනයට අලුත් ඒකකයක්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මෙසේ කියා සිටියේය,

“පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝග සහ උපදෙස් ලබාදුන්නා සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරන ආගමික වැරදි සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට වෙනමම ඒකකයක් ස්ථාපිත කරන්න කියලා.”

“ඒ අනුව අපරාධ විමර්ශන කොට්ඨාසයේ වෙනමම ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවා ආගම්වලට සිදුකරන අපහාස සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම වෙනුවෙන්.”

මේ හරහා තවදුරටත් අදහස් ප්‍රකාශනයට වැට බැදෙනු ඇති බවට මත පළවෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...