අති දුර්ලභ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත සමාගමට ලබාදීමට සැරසෙයි
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී හමුවූ ලංකාවට ආවේනික අතිදුර්ලභ ශාකයක් වූ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත ප්‍රොපර්ටි පුද්ගලික සමාගමට ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගම යනු මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකරමින් එම පරිසර පද්ධතිය විනාශ කිරීමට උත්සාහ දරන බවට චෝදනා එල්ල වී ඇති සමාගමකි. දැනට එක් ශාකයක් පමණක් හඳුනගෙන ඇති මෙම දුර්ලභ ශාකය ගලවා නැවත සිටුවීම සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ මැල්වත්ත සමාගමට අදාළ කාර්ය ඉටුකිරීම සඳහා ලබාදීම ගැන තම ආයතනයේ විරුද්ධත්වයක් නැති බවයි. මේ … Continue reading අති දුර්ලභ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත සමාගමට ලබාදීමට සැරසෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed