විජමු ලොකුබණ්ඩාර දැඩි සත්කාරයට පවිත්‍රා තවදුරටත් දැඩි සත්කාරයේ

හිටපු කතානායක වරයෙකු වන විජමු ලොකුබණ්ඩාර covid 19 වෛරස් ආසාදනය වීමේ හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසා කොළඹ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. මේ අතර සෞඛ්‍යය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි තවදුරටත් එම රෝහලේම දැඩිසත්කාරයේ ප්‍රතිකාර ලබමින් සිටි.

අද දිනයේත් covid 19 ආසාදිතයන් 360 දෙනකු හඳුනාගෙන තිබේ . විශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටින්නේ නිරෝධායන ක්‍රියාවලිය අසාර්ථක වී ඇති බවයි. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ pcr පරීක්ෂණ කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබීමට ගතවන කාලය වැඩිවීමත්, පරීක්ෂණ කළ පුද්ගලයන්ගේ pcr ප්‍රතිඵලලැබීමට දින පහකට හයකට වැඩි කාලයක් ගත වෙන අතර සමහර අයට මේක දින 15 කටත් වඩා දීර්ඝ කාලයක් ගත වෙන බවයි . මේ අතර pcr පරීක්ෂණ කට්ටල අස්ථානගත වීමද වාර්තා වෙන බව ඔවුන් පවසනවා.අක්‍රමිකතා සහිතව සිදුවන මෙම ක්‍රියාවලිය හේතු කරගෙන රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව ද ඒ හේතුවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට බැරි වන බවද ඔවුන් පවසනවා.

අක්‍රමිකතා හේතුවෙන් සමහර රෝගීන් රෝහල වෙත රැගෙන යන අවස්ථාව වන විට රෝගය වැළඳී සුව වී සිටීම නිසා ඔවුන්ව දිනක් ඇතුළත නැවත නිවෙස් වලට එවන්නට සිදුවී ඇති බවත් සමහර රෝගීන් ගිලන් රථයක සවාරියක් ගිහින් එන ක්‍රියාවලියක් බවට පත්වී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...