කාන්තා හිංසනයට එරෙහි බ්ලැන්කට් විරෝධතාව

විරෝධතා පෑමේ මාදිලි විවිධයි . මේ එවන් වෙනස්වූ විරෝධතාවයක විස්තරයක් . කාන්තා හිංසනයට විරුද්ධව කාන්තාවන් විසින් නිර්මාණය කළ අපූරු මාදිලියක විරෝධතාවයක් .

2026 නොවැම්බර් 21 සහ 22 යන දෙදින ඉතාලියේ මතේරා නගරයේ විටෝරියෝ වෙනෙටෝ (Vittorio Veneto) චතුරශ්‍රය වර්ණවත් බ්ලැන්කට් වලින් පිරී ගිය .කාන්තා හිංසනයට එරෙහි ප්‍රබල පණිවිඩයක් නිර්මාණය කරමින් වර්ණවත් සාගරයක් විටෝරියෝ වෙනෙටෝ චතුරශ්‍රය මත නිර්මාණය වුණා . අතින් ගොතන ලද කොටු 9,000ක් එක්කර නිර්මාණය කළ බ්ලැන්කට් 2,250ක් මේ සඳහා භාවිතා කර තිබුණා . එය දහස් ගණනකගේ කැපවීමෙන් බිහි වූ දැවැන්ත සාමූහික වර්ණවත් විරෝධයක් .

නොවැම්බර් 25 වැනිදා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ඊට දින කිහිපයකට පෙර විරෝධතාවය පවත්වන්නේ ගෞරවය, සහයෝගීතාවය සහ බලාපොරොත්තුව පිළිබඳව කතා කිරීමේ අරමුණ ඇතිවයි. කිසිදු කාන්තාවක් තනි නොකළ යුතු බව මෙහි අරමුණයි. Piazza della Vittoria – ජයග්‍රහණයේ චතුරශ්‍රය ඊයේ මෙහි පළමු වැඩසටහන පැවැත්වූ නිසා ඒ සඳහා ලොව පුරා භාවිතා කරන්නේ ‘Viva Vittoria’ තේමාවයි. එයින් හිංසනය පරදවා කාන්තාවන් ලබන “ජයග්‍රහණය” යන අර්ථය ද ගැබ්ව තිබේ.

මෙම ව්‍යාපෘතිය 2015 මාර්තු මාසයේදී ඉතාලියේ බ්‍රේෂියා (Brescia) නගරයේදී ක්‍රිස්ටිනා බෙග්නි (Cristina Begni) නමැති කාන්තාවගේ අදහසකට අනුව ආරම්භ ඌවක්. කාන්තාවන්ට එරෙහි හිංසනය නැවැත්වීම සඳහා වහාම යමක් කළ යුතු යැයි සිතූ කාන්තාවන් කිහිප දෙනෙකු එක්ව මෙය සාමූහික කලා නිර්මාණයක් ලෙස ගොඩනැගූවා . ගෙතීම යනු පරම්පරා ගණනාවක් සම්බන්ධ කරන කාටත් පහසුවෙන් ඉගෙන ගත හැකි නිර්මාණාත්මක ක්‍රියාවක් නිසා ඔවුන් එය තෝරා ගත්තා . රට පුරා සහ ලොව පුරා සිටින දහස් ගණනක් පුද්ගලයන් අතින් ගොතන ලද සෙන්ටිමීටර 50×50 ප්‍රමාණයේ කොටු 4ක් එකට මසා එක් බ්ලැන්කට්ටුවක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ වුණා.

පළමු වරට බ්‍රේෂියා චතුරශ්‍රය ආවරණය කිරීම සඳහා ඉතාලිය පුරා සහ විදේශයන්ගෙන් පවා අතින් ගොතන ලද කොටු 20,000 කට අධික ප්‍රමාණයක් ලැබී තිබුනා . ආරම්භයේදී 16,000ක් ලෙස ඇස්තමේන්තු කළද අවසානයේ 20,000 ඉක්මවා ගියේය.

කාන්තාවන් 15,000 කට අධික පිරිසක් මෙම කොටු ගෙතීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වුනා .

බ්ලැන්කට් අලෙවි කිරීමෙන් €77,000 ක මුදලක් රැස් කිරීමට ඔවුන්ට හැකි වී තිබුණා. මෙම සම්පූර්ණ මුදල බ්‍රේෂියා නගරයේ ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන්ට රැකවරණය සහ නීතිමය පහසුකම් සැපයීමටත් මානසික සහාය ලබා දෙන Casa delle Donne වැනි ආයතන වෙත පරිත්‍යාග කිරීමට ඔවුන් කටයුතු කලා . 2015 බ්‍රේෂියා වැඩසටහනේ අතිශය සාර්ථකත්වය නිසා පසුකාලීනව එය ඉතාලියේ තවත් නගර රැසකට රෝමය, මිලාන්, ෆ්ලෝරන්ස්, මතේරා වැනි සහ ස්පාඤ්ඤය, ප්‍රංශය වැනි වෙනත් රටවලට පවා ව්‍යාප්ත වූ ජාත්‍යන්තර ව්‍යාපාරයක් බවට පත් විය.

Share post:

Popular

වෙනත් පුවත්

විශ්වාසය බිඳ වැටී ඇති පොලිසියකට PSTA – OCA වඳුරට ලැබුණු දැලි පිහියක්

ජනතා අරගලයකින් බිහි වූ වත්මන් රජය, හික්මවිය යුතු පොලිස්...

කාවන්තිස්ස වැනි සුවිශේෂී ජාතික සම්පතක වටිනාකම මිල කිරීමට හැකිද?

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් සතෙකුගේ වටිනාකම ඇස්තමේන්තු කරන්නේ...

පනත් සම්මත වෙන්නටත් ප්‍රථම පොලිස් රාජ්‍යයක සෙවණැලි

වර්තමාන රජය විසින් හඳුන්වා දීමට යන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...