මැක්රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද ප්රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු ලැබුවා. දැඩි බාධා කිරීම් සහ උද්ඝෝෂණ මැඩ පැවැත්වීම වෙනුවෙන් අමතර බට පිරිස් යොදවා තිබුණු පසුබිමක් යටතේ වුවද පැරිස් නගරයට 250 000 කට අධික පිරිසක් ඒකරාශී වී සිටීම විශේෂත්වයක් වුණා . අභ්යන්තර කටයුතු අමාත්යාංශය පෙන්වා දෙන පරිදි දැනට ඔවුන් සතු තොරතුරු අනුව රට පුරා උද්ඝෝෂණ වලට 800 000 කට අධික ජනතාවක් සහභාගි වී සිටිනවා.
පැරිස්, ලියොන්, රෙන්ස්, නැන්ටෙස්, බෝඩෝ, නයිස් සහ මර්සෙයිල් යන නගරවල ගැටුම් වාර්තා වෙමින් පවතිනවා. එමෙන්ම අද පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් 1,000 කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට ගත් බව ප්රංශ අභ්යන්තර කටයුතු අමාත්ය ලෝරන්ට් නූනෙස් පවසන අතර සියලු දත්ත නිවැරදිව හඳුනාගත් පසු අත්අඩංගුවට ගත් පිරිස මීට වඩා විශාල විය හැකි බව ඔහු මාධ්ය වෙත ප්රකාශ කර තිබුණා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා කියා සිටියේ පසුගිය සතියේ විරෝධතා අතරතුර කඩ සාප්පු 300 කට වඩා කොල්ලකෑමට ලක් වි තිබූ බවයි.” විරෝධතා අතර තු ගැටුම් ඇති වූවොත් මැදිහත් කිරීම සඳහා 70 000 ක පමණ පොලිස් බලඇණියක් සූදානම් කර සිටි බවද ඔහු ප්රකාශ කර සිටියා .




