Breaking News

පෞද්ගලික අංශයේ සේවක වැටුපෙන් 2500ක් කපා දැමීමට එරෙහිව විරෝධයක්

රු.27000-40000 අතර මූලික වැටුපකට අළුතින් රැකියාවට එන පෞද්ගලික අංශ සේවකයින්ගේ රු.2500 අයවැය සහන දීමනාව අහිමි කරන පනත් කෙටුම්පත හකුලා ගන්න ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා වන උද්ඝෝෂණයක් අද (2) නාරාහේන්පිටදී පැවැත්විණි.

නාරහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවතී මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ කම්කරු අරගල මධ්‍යස්ථානය සහ පෞද්ගලික සේවක මධ්‍යස්ථානය විසිනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් පෞද්ගලික සේවක මධ්‍යස්ථානයේ ලේකම් දේවින්ද කෝදාගොඩ කියා සිටියේ මේ පනත් කෙටුම්පතට එරෙහිව පෞද්ගලික සේවක මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බවයි. ඒ අනුව අයවැය සහන දීමනා සංශෝධන කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පාරලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරගත හැකි බවත් ශ්‍රෙෂ්ඨාධිකරණය කථානායකට දන්වා ඇති බව ඔහු සඳහන් කළා.

1978 අංක 8 දරන අයවැය සහන දීමනා පනත හරහා ජීවන වියදම දරාගත නොහැකි කම්කරුවන්ට විශේෂ දීමනාවක් ලෙස ගෙවීමට මේ හරහා පියවර ගෙන තිබුණා.

ඉන් අනතුරුව 2005 සහ 2016 දී පාර්ලිමේන්තුව හරහා නව අයවැය සහන දීමනා හඳුන්වා දුන් අතර එමඟින් සේවකයින්ට ඔවුන්ගේ වැටුප් වලට අමතරව ව්‍යවස්ථාපිතව අනිවාර්ය දීමනාවක් ලෙස ගෙවන ලදී.

සේව්‍ය සේවක සම්බන්ධයේදී සේවකයන් වෙනුවෙන් සාධාරණ ප්‍රවේශයන් වල අවශ්‍යතාවය වෙනුවෙන් රජයන් මැදිහත් වී ඇත. සමහර දක්ෂිණාංශික ආණ්ඩු පවා සේවකයන් සම්බන්ධයෙන් මැදිහත් වී ඇති නමුත් වාමාංශික යයි කියාගන්න මේ ආණ්ඩුව සේවකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් වූ මැදිහත්වීම සම්පුර්ණයෙන්ම පැත්තකට විසි කර ඇති බවයි. මෙහිදී ආණ්ඩුවේ කම්කරු ප්‍රතිපත්ති කුමක්ද යන්නවත් ආණ්ඩුව නොකියා මේ සිදු කරන ක්‍රියාවලිය තරයේ හෙළා දකින බව දේවින්ද සඳහන් කළා. ඔහු සඳහන් කරන්නේ හාම්පුතුන්ගේ සම්මේලනය විසින් හයිජැක් කරපු ආණ්ඩුව අටවමින් තිබෙන කම්කරු විරෝධී අණ පනත් හකුලාගත යුතුයි.

මේ ආණ්ඩුවේ කම්කරු ප්‍රතිපත්තිය ලෙස පෙනෙන්නේ වාණිජ මණ්ඩලය සහ ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය මැදිහත් වන නව ලිබරල් ව්‍යපෘතියයි.
කම්කරු වැටුපට පහර වදින පනත් සංශෝධනය හකුළා ගන්නා ලෙසත් ආණ්ඩුවේ කම්කරු විරෝධී ක්‍රියාමාර්ග හෙලා දැකීමටත් අද විරෝධතා උද්ගෝෂණය පැවැත්වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් දේවින්ද කෝදාගොඩ කියා සිටියේය. ඔහු සඳහන් කරන්නේ හාම්පුතුන්ගේ සම්මේලනය විසින් හයිජැක් කරපු ආණ්ඩුව අටවමින් තිබෙන කම්කරු විරෝධී අණ පනත් හකුලාගත යුතු බවයි.

leave a reply