Breaking News

සාගලගේ ප්‍රභූ රථ පෙළ වීඩියෝ කළ තරුණයෙක් අත්අඩංගුවට

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක  ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් අල් නජාත් මාවත, පොතුවිල් පදිංචි පුද්ගලයෙක්.

කොල්ලුපිටිය අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වන පටුමග හන්දිය අසලදී සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකාර සිසුවා පොතුවිල් අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ඩුබායි තානාපති කාර්ය වෙත පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී මීට පෙර පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා වි.අයි.පි රථ පෙළක් සියැසින් දැක නොමැති බැවින් වීඩියෝ ගත කල බවට ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේවෙතත් මෙම සිදුවීමත් සමඟ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට සුවිශේෂී ජංගම රථ ආරක්ෂාවක් ලබා දී තිබීම ගැනද සමාජයේ කතා බහක් ඇතිව තිබේ.

 

leave a reply