සාගලගේ ප්‍රභූ රථ පෙළ වීඩියෝ කළ තරුණයෙක් අත්අඩංගුවට

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක  ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් අල් නජාත් මාවත, පොතුවිල් පදිංචි පුද්ගලයෙක්.

කොල්ලුපිටිය අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වන පටුමග හන්දිය අසලදී සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකාර සිසුවා පොතුවිල් අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ඩුබායි තානාපති කාර්ය වෙත පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී මීට පෙර පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා වි.අයි.පි රථ පෙළක් සියැසින් දැක නොමැති බැවින් වීඩියෝ ගත කල බවට ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේවෙතත් මෙම සිදුවීමත් සමඟ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට සුවිශේෂී ජංගම රථ ආරක්ෂාවක් ලබා දී තිබීම ගැනද සමාජයේ කතා බහක් ඇතිව තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...