Breaking News

තෙල් මිල වැඩිවුණේ සූත්‍රය නිසාද? පහුගිය කාලෙ කොමිස් ගහපු නිසාද?

රට තුළ තිබෙන ඉන්ධන තොග රටට හෙළිකරන ලෙස ජුනි මාසයේ 26 වෙනිදා ඇමතිවරයාගේ, සභාපතිවරයාගේ සහ අමාත්‍යංශයෙන් ඉල්ලා තිබූ අතර ලේකම්වරයා ඇතුළු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මාස දෙකක තොග තිබෙන බවයි. ඊට අමතරව පිරිපහදු සහ බොරතෙල් දෙසැම්බර් වන තෙක් ඇනවුම් කර ඇති බවද පවසා ඇත. එසේ නම් පැවති ඉන්ධන වල මිල වැඩි වූයේ කෙසේදැයි බල ශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ ආනන්ද පාලිත ප්‍රශ්න කර තිබේ.

යම් හෙයකින් පිරිපහදු තෙල් මිල වැඩි වූයේ නම් සියලු ඉන්ධන වල මිල වැඩි විය යුතු අතර, බොරතෙල් මිල වැඩි වූයේ නම් භූමිතෙල්, දැවි තෙල් ඇතුළු සියල්ලේ මිල වැඩි විය යුතු නමුත්මෙම වැඩි කිරීම එවැන්නක් නොවන බව ආනන්ද පාලිත පවසයි.

ඉන්ධන මිල සූත්‍රය අනුව තෙල් මිල වැඩිවූයේ පසුගිය කාලයේ ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ යාම නිසා බව ලංකා ඛනිජ තෙල් නීතිගෙ සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා පැවැසීය.

ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව ඉන්ධන මිල ගණනය කිරීමෙන් පසුව අවසන් තීරණයක් ගැනීම සඳහා එම මිල ගණන් මුදල් අමාත්‍යාංශයට යොමුකරන බවත් ඔහු පවසා තිබේ.

එසේම මාස දෙකෙකට තෙල් තිබුණ බවට සඳහන් නොකළ බවත් මාස දෙකකට ප්‍රමාණවත් තෙල් ඇණවුම් කර තහවුරු කර තිබුණ බවත් මෙහිදී ඔහු පැවැසීය.

“මාස දෙකකට තෙල් තිබුණ බව නෙමෙයි කිව්වේ, මාස දෙකකට ප්‍රමාණවත් තෙල් ඇණවුම් කර තහවුරු කර තිබුණ බවයි කිව්වේ. නමුත් තෙල් ලැබීම හා මිල ගණනය කිරීම කියන්නේ දෙකක්. පසුගිය කාලයේ අවශ්‍ය යටිතල පහසුකම් නිසායාකාරව සංවර්ධනය කර නොතිබුණ නිසා අපිට ලොකු ස්ටොක් එකක් කරගෙන යන්න බෑ.”

මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමති නලින්ද ජයතිස්ස පවසා ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම හෝ අඩු කිරීම පිළිබඳ තීරණය ගනු ලබනුයේ අවසන් මාසයේ ලෝක වෙළඳපොලේ පැවති ඉන්ධන මිල අනුව බවත්, ඒ අනුව පසුගිය ජූනි මාසයේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය බැවින් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වූ බවත් කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

‘කොමිස් ගහපුවා, කොමිස් ගහපු කෙනා ගෙදර ගිය ගමන් ඉවර වෙන්නේ නෑ. එයා ගෙදර නතර වුණාට කොමිස් එක අපිට බරක් ලෙස තව කාලයක් ඉස්සරහට දිවෙනවා. ඒවටත් වන්දි ගෙවමින් තමයි අපි යන්නේ. ඒ නිසා මතක තියාගන්න කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට කොමිස් එකේ බලපෑම තව ටික කාලයක් තියෙනවා. ’

leave a reply