සත්සරගේ සිරුර ගොඩගැනීමට නියෝග

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කර තිබේ.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසිනුයි.

වැලිකඩ පොලිස් භාරයේ සිටි මෙම තරුණයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අප්‍රේල් 02 දින අළුයම් කාලයේදී මිය ගොස් තිබුණි.

මෙසේ මිය ගොස් තිබුණේ වැලිකඩ පොලිසිය විසින් අප්‍රේල් මස පළමුවැනිදා සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිදිරි සත්සර නිමේෂ් නමැති තරුණයෙකි.

සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ, අප්‍රේල් 01 දින රාත්‍රී කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට පුද්ගලයෙකු ඇතුළු වී සිටින බවට වැලිකඩ පොලිසියට ලද තොරතුරක් අනුව වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබූ බවයි.

කෙසේවෙතත්, පොලීසියේදී සිදු කළ පහරදීම් හේතුවෙන් තරුණයා මිය ගොස් ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කර සිටියි.

තරුණයා මිය යෑමේ සිදුවීම හේතුවෙන් මේ වන විට වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කර ඇති අතර මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැරහරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...