Breaking News

විශ්ව විද්‍යාලවල හිංසනයන් නවත්වන්න කාර්ය සාධක බලකායක්

උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ.

විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කිරීම එම කාර්ය සාධන බලකායේ වගකීමයි.

සාමාජිකයින් සහ හරිනි අමරසූරිය අතර ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදීයි ඇය මේ බව සඳහන් කර තිබේ.

විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන්ගෙන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සිදු වන සියලු ආකාරයේ හිංසනයන් සොයා බැලීමට සහ ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට වසර 3ක් සඳහා පත් කර ඇති මෙම කාර්ය සාධක බලකායට අවශ්‍ය බලය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව අගමැතිනිය මෙහිදී පවසා තිබේ.

සියලු ආකාරයේ හිංසන නතර කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කෙටිකාලීනව සහ දිගුකාලිනව ගත යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේද සහ යාන්ත්‍රණ සකස් කරන ලෙසත්, නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් මෙය අවසන් කළ නොහැකි බැවින් පවතින නීතී යාවත්කාලීන කරන අතර ආකල්ප සංවර්ධන වැඩසටහන් යනාදිය සංවිධානය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී පවසා ඇත.

leave a reply