නීතියේ මුක්තිය හිමි ළමා අපචාරකයෝ

ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නේ විජිත නම් භික්‍ෂුව දහම් පාසල්වලට පැමිණි දැරියන් කලක් තිස්සේ අපයෝජනයට ලක් කල බවට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය විසින් පැමිණිලි කොට මෙල්බර්න් හි අධිකරණයක නඩු පවරා තිබේ. මීට පෙර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වයස්කාර ගැහණු ළමුන් දෙදෙනෙක් ලන්ඩන් බෞද්ධ විහාරයේ දී දුෂණය කිරීම වෙනුවෙන් ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති පහලගම සෝමරතන නම් භික්‍ෂුවට 2012 වසරේ දී බ්‍රිතාන්‍යයේ අයිස්ල්වර්ත් අධිකරණය වසර හතක සිර දඞුවමක් නියම කරන ලදි. එසේම පහලගම සෝමරතන ගේ නම ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන් තීන්දුව ලබා දෙමින් විනිසුරුවන් නියෝග කොට මතුවට සෝමරතන භික්‍ෂුවට ළමුන් සම්බන්ධ කිසිම කාර්‍යයකට සම්බන්ධ වීමද තහනම් කර ලදී. එහෙත් මේ වන විට ජීවිතාන්තය දක්වා ලිංගික අපරාදකරුවන්ගේ ලේඛනයට (Sex Offenders Register) ඇතුලත් කර ඇති, ළමා ලිංගික අපයෝජකයකු වශයෙන් වසර හතක සිර දඬුවම් විඳි පහලගම සෝමරතන භික්‍ෂුව ගම්පහ, පහළගම, විද්‍යාරවන්ද පිරිවෙනේ නායක ලෙසට දිගින් දිගටම දරුවන් සමග කටයුතු කරයි. මේ හැර බාල වයස්කාර දරුවන් රාශියක් ලිංගිකව අපයෝජනය කරමින් එම ලිංගික අපයෝජන වීඩියෝ ගත කර සීඩී තැටි වලට නඟා යුරෝපයේ, ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ විකෘති කාමාතුරයන්ට අලෙවි කළා යැයි චෝදනා ලත් රූපවාහිනී රියැලිටි ගුරුවරයෙකු වූ නිරන්ත එදිරිසිංහ සහ ඔහුගේ සහායකයා ලෙස ක්‍රියා කල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර හෙවත් උපුල් හේවා නම් ශ්‍රී ලාංකික වෛද්‍යවරයා මේ වන විට චෝදනා ගොනු වීමකින් තොරව නීතියේ සිදුරෙන් පළා ගොස් තිබේ. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි නිරන්ත එදිරිසිංහ මේ වන විට දේශපාලන හස්ථයක් මගින් නිදහස් කොට තිබේ. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර හෙවත් උපුල් හේවා නම් ශ්‍රී ලාංකික වෛද්‍යවරයා ශ්‍රී ලංකාවේ සිටියදී මහනුවර ප්‍රදේශයේ එකොලොස් වියැති මුස්ලිම් පිරිමි දරුවෙකු ලිංගික ආයෝජනයට ලක් කොට මෙරටින් පළා ගිය පුද්ගලයෙකි. මේ අනුව Pedophilia නොහොත් කෟමාර කාමයෙන් පෙලෙන ළමා අපයෝජකයන්ට ලංකාවේදී නීතියේ මුක්තිය හිමි වන බව පෙනී යයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...