පොලීසියට කුණුහරුපෙන් බනින්න තහනම්

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින්, එම ෆේස්බුක් පිටුවේ පළ කරන කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී සැම විට ම සභ්‍ය වචන භාවිතා කිරීමට කටයුතු කරන ලෙස සඳහන් කර තිබේ.

ඒ අනුව එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, “ඔබ දක්වනු ලබන අදහස් විවේචන ආදියට අප නිරතුරුව සවන් දෙමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන අතර ඔබ අදහස් ප්‍රකාශ කිරීමේ දී සැම විට ම සභ්‍ය ලෙස ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.” යනුවෙනු යි.

ඊට අමතරව “ඔබගේ අසභ්‍ය වචන භාවිතය මඟින් හානි වන්නේ ඔබේ ම චරිතයයි යනුවෙන් හා එසේ කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අකමැත්තෙන් වුව ද දැනුම් දෙන බව” ද එහි සඳහන් කර තිබේ.

පොලීසිය සම්බන්ධයෙන් ජනතාව තුළ ඉතා විශාල අප්‍රසාදයක් ගොඩනැගී තිබේ. එයට හේතුව පොලිසියේ ක්‍රියාකලපයයි. එම අප්‍රසාදය ගොඩනැගීමට අදාළ හේතු පරික්ෂා කිරීමකින් තොරව පොලීසිය තවත් අසැබි වදන් අසාගැනීමට හැකිවෙන ආකාරයේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...