මහ බැංකු අධිපතිට ප්‍රජාත්නත්‍රවාදය විහිලුවක්ද?

රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී රටේ ජනතාවගේ කැමැත්ත අකමැත්ත කුමක්ද යන්න නොබැලිය යුතු බව මහ බැංකු අධිපතිවරයා පැවසීම සම්බන්ධෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ.

නන්දලාල් වීරසිංහ පවසන්නේ ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත නොබලා රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති දේශනයකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ආර්ථිකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මහ බැංකුව මේ වනවිටත් දැඩි තීරණ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති බවය.

එමෙන්ම එම ප්‍රතිපත්ති ඉදිරියටද අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් පැවසීය.

මහජන කැමැත්ත මත පමණක් පිහිටා මෙවැනි තීරණ ක්‍රියාත්මක නොකිරීමෙන් අවසානයේ සිදුවන්නේ සමස්ත රටටම බරපතළ හානියක් බව හෙතෙම මෙහිදී අවධාරණය කර තිබේ.

රටේ පවතින අවශ්‍යතාව අනුව බදු ප්‍රමාණයන් ඉහළ නැංවීමට සිදුවන නමුත්, බහුතරයක් ජනතාව බදු වැඩි කිරීමට අකමැති බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

මෙවැනි තීරණ හේතුවෙන් සමාජය තුළ විරෝධතා පැනනැගී යම් අස්ථාවරත්වයක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව හෙතෙම පෙන්වා දී ඇත.

එනිසා බදු අඩු කිරීම හෝ වැඩි කිරීම තුළින් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව මහජනතාවට නිවැරදිව සන්නිවේදනය සිදුකිරීම රජයේ වගකීමක් බව මහබැංකු අධිපතිවරයා පැවසීය.

එමගින් ජනතාව දැනුවත් කර මෙම ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බව සඳහන් කර ඇත.

බදු සංශෝධන නිවැරදි අවස්ථාවේදී සිදුකිරීමේ වැදගත්කමද මෙහිදී පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා, බදු වැඩි කරන සෑම අවස්ථාවකදීම ඊට අකමැති පිරිසක් සමාජයේ සිටින බව රජය තේරුම් ගත යුතු බව පැවසීය.

පසුගිය සමයේ රට තුළ පැවති දැඩි දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ වුවද, රටේ ආර්ථිකය යම් මට්ටමකට හෝ ස්ථාවරව තබා ගැනීමට හැකි වූයේ ජනප්‍රිය නොවන නමුත් රටට අත්‍යවශ්‍ය තීරණ නිවැරදිව අවස්ථාවේ ක්‍රියාත්මක කිරීම නිසා බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මහ බැංකු අධිපතිවරයා මේ පවසන්නේ රටක ආර්ථික ප්‍රතිපත්ති ගැන තීරණය කිරීමට රටේ ජනතාවට අයිතියක් අවශ්‍ය නොවන බවයි. මහ බැංකු නිලධාරීන් සඳහා පමණක් විශ්‍රාම වැටුප් පොලී අනුපාත ඉහළ නංවා ගන්නා ගමන් රටේ ජනතාව ගැන මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීම පුදුමයක් නැත. එසේම නන්දලාල් වීරසිංහ ලංකාවේ මහ බැංකු අධිපතිවරයාට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා ලෙස රටේ ආර්ථික ප්‍රතිපත්ති ගැන තීරණය කරනු දිගින් දිගටම දක්නට ලැබෙන්නකි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල් සහ Gen Z

මිලියන අටකට ආසන්න Gen Z හා Millennial පරම්පරාවලට අයත්...

පොලිසියේ චරිතේ

පොලිසියේ අපේක්‍ෂිත හැසිරීම නැති නිලධාරීන් මොන ක්‍රමයකින් හෝ පොලිසියෙන්...

“හොරු ඇල්ලීමේ සහ කුඩු ඇල්ලීමේ නාට්‍ය”  මර්ධන පනත් ගෙන එන්න ආණ්ඩුවට ලැබුණු සහතිකයක් නෙමෙයි

ආණ්ඩුව PSTA ( ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත) සහ...

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...