විශ්වාසය බිඳ වැටී ඇති පොලිසියකට PSTA – OCA වඳුරට ලැබුණු දැලි පිහියක්

ජනතා අරගලයකින් බිහි වූ වත්මන් රජය, හික්මවිය යුතු පොලිස් යාන්ත්‍රණයකට තවදුරටත් බලය ලබා දෙන මර්දනකාරී අණපනත් ගෙන ඒමට උත්සාහ කිරීම ගැටලු සහගත බව මලිත් පීරිස් පවසනවා . මර්දනයට එරෙහිව සටන් කළ වත්මන් පාලකයන් මර්දනයේ ස්වභාවය හොඳින් දන්නා බව ඔහු සිහිපත් කරනවා .

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සහ අපරාධ මැඬලීම අවශ්‍ය වුවත් එය සිදු කළ යුත්තේ මිනිසුන් තවදුරටත් පීඩාවට පත් කිරීමෙන් නොව විනාශ වූ ජීවිත ගොඩනැගීමේ පදනමකින් බවඔහු පවසන අතර නීති සැකසීමේදී පුද්ගලයෙකුගේ වින්දනයට ඇති නිදහස සහ විනාශය යන දෙක පැහැදිලිව වෙන් කර හඳුනාගත යුතු බවත් මත්ද්‍රව්‍ය පරීක්ෂණ මුලින්ම පොලීසියට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කළ යුතු බවත් ඔහු යෝජනා කර සිටිනවා .

රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි තීරණාත්මක අණපනත් කඩිමුඩියේ ගෙන ආ නොහැකි බවත් ඒ සඳහා සිවිල් සංවිධාන, දමිළ දේශපාලන ව්‍යාපාර සහ අනෙකුත් ප්‍රජාවන් සමඟ පුළුල් සාකච්ඡාවක් සහ සාමූහික කතිකාවක් ගොඩනැගිය යුතු බවත් ඔහු පවසනවා .

සබැඳි පුවත්

Share post:

Popular

වෙනත් පුවත්

කාවන්තිස්ස වැනි සුවිශේෂී ජාතික සම්පතක වටිනාකම මිල කිරීමට හැකිද?

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් සතෙකුගේ වටිනාකම ඇස්තමේන්තු කරන්නේ...

පනත් සම්මත වෙන්නටත් ප්‍රථම පොලිස් රාජ්‍යයක සෙවණැලි

වර්තමාන රජය විසින් හඳුන්වා දීමට යන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ජෛවමිතික දත්ත හැඳුනුම්පතට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයකට ලබාදී ඩිජිටල් හැඳුනුම්පත්...