පොලිසියේ චරිතේ

පොලිසියේ අපේක්‍ෂිත හැසිරීම නැති නිලධාරීන් මොන ක්‍රමයකින් හෝ පොලිසියෙන් අයින් කරනවා යැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසීය.

හල්දුම්මුල්ල පොලීසියට රුපියල් මිලියන 27 ක වියදමින් ඉදිකළ පොලිස් ස්ථානාධිපති නිල නිවාසය, පොලිස් නිලධාරී බට නිවාසය, දේශන ශාලාව විවිධ පැමිණිලි අංශය ඇතුළු ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (0) දින පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේය.

“පොලිසිය කියලා වෙනම ජීවීන් කොටසක් නැහැ. මේ ප්‍රජාවගෙන්ම තමා පොලිසිය සකස් වී තිබෙන්නේ. බඳවාගෙන තිබෙන්නේ, පොලිස් නිලධාරීන්ගේ වගකීමක් තියෙනවා තමන් නියෝජනය කරන ප්‍රජාවට සේවය සැලසීමට.
පොලීසිවල වල අඩු පාඩු, නිලධාරීන්ගේ ගැටලු අපි රජයට දැනුම් දී තිබෙනව, සියලු ගැටලු විසඳගෙන අපි ස්තිරසාර විසඳුම් වලට එමින් සිටිනවා.
මේ වන විට කමිටු තීරණය අනුව 2027 අයවැයේදී පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් තිබෙනවා. එවිට තවදුරටත් දූෂණ අඩු විය යුතුයි. මහජනයතාව තලා පෙලා වැඩ කිරීමට අවකාශ පොලිසියට නැහැ. පොලීසියේ විශ්වසනීයත්වය මහජනතාව දක්වන දායකත්වය මත පදනම්ව තීරණය වනවා.”

පොලිස්පතිවරයද කියන පරිදි පොලීසියේ අමුතු ජීවින් කොටසක් නැතිනම් සහ ඔවුන් අපේක්ෂිත හැසිරීමක නොයෙදෙන්නේ නම් කලයුතු වන්නේ රටේ අනිත් ජීවින්ටද පොදු නීතිය ඔවුන් හමුවේ ක්‍රියාවට නැගීමයි. නමුත් සිදුවන්නේ එය නොවේ. එසේම පොලිස් නිලධාරීන් අපේක්ෂිත හැසිරීමක නොයෙදෙන්නේ නම් ඔවුන් ඉවත් කිරීමෙන් වුවද ප්‍රශ්නයට පිළිතුරු නොලැබෙනු ඇත. එවැනි ආකාරයෙන් ඉවත් කිරීමට ගියහොත් පොලිසියේ ඉතිරි වනු ඇත්තේ ගොඩනැගිලි, වාහන වැනි පන නැති ද්‍රවය ටිකක් පමණක් වෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල් සහ Gen Z

මිලියන අටකට ආසන්න Gen Z හා Millennial පරම්පරාවලට අයත්...

මහ බැංකු අධිපතිට ප්‍රජාත්නත්‍රවාදය විහිලුවක්ද?

රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේදී රටේ ජනතාවගේ කැමැත්ත අකමැත්ත...

“හොරු ඇල්ලීමේ සහ කුඩු ඇල්ලීමේ නාට්‍ය”  මර්ධන පනත් ගෙන එන්න ආණ්ඩුවට ලැබුණු සහතිකයක් නෙමෙයි

ආණ්ඩුව PSTA ( ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත) සහ...

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...