පාසල් පද්ධතියේ අර්බුද රැසක් – ගුරු වෘත්තීය සමිති හෙළිකරයි

Date:

2026 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛය මගින් රජයේ පාසල් පද්ධතිය තුළ බරපතළ ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, රජයේ පාසල්වලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින අතර, පෞද්ගලික අධ්‍යාපනය කෙරෙහි සිසුන් යොමුවීමේ ප්‍රබල ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

2023 වසරේදී පෞද්ගලික පාසල්වල සිසුන් එක්ලක්ෂ අසූ හයදහසක් පමණ සිටි අතර, 2025 වසර අවසාන වන විට එම සංඛ්‍යාව ලක්ෂ තුන දක්වා ඉහළ යනු ඇතැයි ඔහු පුරෝකථනය කළේය.

රජය පවසන පරිදි මෙය දරු උපත් අඩුවීම නිසා පමණක් සිදුවන්නක් නොවන බවත්, රජයේ ප්‍රතිපත්ති මගින් පෞද්ගලික අධ්‍යාපනය වක්‍රව දිරිමත් කරන බවත් ඔහු චෝදනා කළේය.
පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 35 දක්වා සීමා කරන ලෙස අධිකරණ නියෝගයක් පවතිද්දී, නව චක්‍රලේඛය මගින් එම සංඛ්‍යාව 40 දක්වා ඉහළ නංවා ඇති බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, කිලෝමීටර් 3ක් ඇතුළත ‘හොඳම පාසල’ ලබා දෙන බවට රජය පොරොන්දු වුවද, කිලෝමීටර් 50-60ක් ඈතින් සිටින සිසුන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සලසා දී ඇති බවත්, ඒ අතරතුර කිලෝමීටර් 5ක් ඇතුළත පිහිටි පාසල් වසා දැමීමට රජය කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් සඳහා වෙන් කර ඇති 6% ක කෝටාව සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ප්‍රනාන්දු මහතා, එය අධ්‍යාපන අමාත්‍යාංශයට සෘජුවම සම්බන්ධ අනෙකුත් සේවකයින්ට සිදු කරන අසාධාරණයක් බව පැවසීය.
මෙම ගැටලු හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදුවුවහොත්, උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ඇතුළු පාසල් දින දර්ශනය යළිත් අවුල් සහගත තත්ත්වයකට පත්විය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.

උපුටා ගැනීම – ලංකා සී නිව්ස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...