චන්දිම කාරියවසම් විසින් රචිත “තම්රු” විමුක්ති දේවධාර්මික ප්‍රවේශයක් ද –  ලිට් රූම් සූම් සංවාදයක්

Date:

ගරු කාදිනල්, මැල්කම් රංජිත් යනු ශ්‍රී ලාංකීය කතෝලික ප්‍රජාවේ ආගමික මගපෙන්වන්නාය. “මිනිස්සු පල්ලි එන්නේ නෑ – විනෝද චාරිකා යනවා” යනුවෙන් එතුමන් ප්‍රකශකළ බවට පුවතක් පසුගිය දවසක සමාජ මාධ්‍යයේ සංසරණය විය.

සැබවින් ම මිනිස්සු පල්ලි යා යුතුද? පල්ලි යන්නේ ඇයි? පල්ලියේදි ජේසුස් වහන්සේව හමුවිය හැකිද? මරණින් අසුව ඊනියා ගැලවීම ලබන්නෙ පල්ලි යන ඊනියා ක්‍රිස්තියානින් පමණද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනාකර වදාල ගැලවීමේ මාර්ගය පල්ලියට කොටු කළේ කවුද?

ජේසුස් වහන්සේ “මා පැමිණියේ පවුකාරයන් වෙනුවෙනි, රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙක් අවශ්‍ය නැතැයි පැවසුවේය” උන්වහන්සේ අනුගමනය කිරීම තුළින් ලබා ගන්නා ගැලවීමට විමුක්තියයි අපි පවසමු. එම අර්ථයෙන් ගත් විට ජේසුස් වහන්සේ යනු මිනිසුන් වසර දහස් ගණනක් බලාපොරොත්තුව සිටී විමුක්තිදායකයාණන් ය. උන්වහසේගේ විමුක්තිය, සාම්ප්‍රදායික ජුදා පූජක පැලැන්තිය වෙනුවෙන් නොවීය. සමාජයේ පීඩාවට පත් වූ අසරණ වූ ප්‍රජාව වෙනුවෙන් විය. මෙය වටහා ගත් පිරිසක් මුලිකව, ජේසුස්ගේ සැබෑ ධර්මය සොයා යන “විමුක්ති දේවධර්ම ව්‍යාපාරයක්” ලතින් ඇමරිකානු රටවල් මුල්කරගෙන දහ නමවන සියවසේදී බිහිවිය. එය කතෝලික සභාව තුළ හිඳිමින් ම ඉතා ප්‍රායොගික තලයෙන් ජේසුස් සොයා යන ව්‍යාපාරයක් විය. ලතින් ඇමරිකාවෙන් ඇරඹී, යුරෝපය අප්‍රිකාව සහ ආසියාවටද මෙම විමුක්ති දේවධර්ම ව්‍යාපාරය පැතිරි ගියේය. ඔවුන් විශ්වාස කරන පරිදි,  බයිබලානුකුල ඉගැන්වීම් හුදෙක් මරණයෙන් පසුව ජීවිතය සඳහා පමණක් නොව, ඉඩම් අයිතිය, මානව හිමිකම්, සහ සමාජ අසාධාරණයට එරෙහි වීම වැනි දෑ  ඉලක්ක කරගනිමින් මෙලොව ජීවිතය දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් නිදහස් කර ගැනීම ජෙසුස් වහන්සේගේ ජීව්තාදර්ශයකි. ඒ වෙනුව්න් එම ව්‍යාපාරය පෙනී සිටියි. ඉතා පුළුල් අර්ථයෙන් විමසිම කළ යුතු එකී ව්‍යාපාරයේ ඉගැන්වීම සහ අරමුණු සම්බන්ධව සාහිත්‍යය හා කලාවක් ද පසුකාලීනව බිහි විය. පෙර අපරදිග සාහිත්‍ය තුළ මේ සඳහා ප්‍රකට උදාහරණ ඇත.

බයිබල් කතුවරයා විසින්, නොසළකා හැරි හෝ හිතා මතා මග හැර හෝ අර්ථකතනයන් විකෘති කළ සිද්ධි සහ චරිත  ප්‍රති නිර්මාණය කරමින්, එකී චරිත හා සිදුවීම් දෙස විමුක්ති දේවධර්මයානුකූල දැක්මට අනුව විමසා බැලීම මෙම සාහිත්‍ය ශානරයේ හමුවන නිර්මාණවල ප්‍රධාන ලක්ෂණයකි.

චන්දිම කාරියවසම් වීසින් රචිත  “තම්රු” (කෙට්) නවකතාව, අපට ස්ථානගත කරන්නට වන්නේ, පෙර කී විමුක්ති දේවධාර්මික ශානරයේ ප්‍රබන්ධයක් ලෙස ය.

“තම්රු”  තුළ,  සම්මත බයිබලයේ, පව්කාර ස්ත්‍රීයක ලෙස හඳුන්වා දෙන මග්දලාවේ මරියා දෙසද දුෂ්ට පාවාදෙන්නෙකු ලෙස අදටත් සාම්ප්‍රදායික බැතිමතුන් විසින් පිළිකුලෙන් යුතුව හෙළා දකින ජුදාස් ඉස්කරියොත් දෙසද වෙනත් මානයකින් ව්මසමින්, ඔවුන්ගේ ජීව්තය, සමාජ තත්ත්වය පමණකුදු නොව, ඔවුන්තුළ  උතුරායන මානව දයාව නිසාම ‍යහපත් හෙට දවසක් පතා ඔවුන් කරන අරගලයත් එම අරගලය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීමත්, ජේසු  නසරේනු හෙවත් නාසරත් හී යේශුවාහ්, අරගල ව්‍යාපාරය වෙත කළ බලපෑමත් මෙහිදී කතුවරයා සාකච්ඡා කරයි. විප්ලවවාදී අරගල කරුවන්ගේ යටිබිම්ගත ජීව්තයේ හැළ හැප්පීම් ද, මිනිස් වෙසින් දෙව් ලොවින් වැඩම කළා යැයි කියවෙන  යේශුවාහ් ගේ සැබෑ මානුෂීය මුහුනුවර “තම්රු” තුළින් කතුවරයා පාඨක ඇසට හසුවන මායිමට කැඳවීමට සමත් වෙයි.

ජේසුස් වහන්සේව තත්ත්වාකාරයෙන් හඳුනා ගන්නා, අනුගාමිකයා සැබෑ “තම්රු” කෙනෙකි.

චන්දිම කාරියවසම් විසින් රචිත “තම්රු” – නවකතාව පිළිබඳ ලිට් රූම් සූම් සංවාද මණ්ඩපයේදි කෙරෙන සංවාදයට  සහභාගි වී, අපි මේ ගැන වැඩි විමසමු. සංවාදය ජුලි මස 26 දා රාත්‍රී හතට සුපුරුදු පරිදී පැවැත්වෙනු ඇත.

ප්‍රවීණ වැඩසටහන ඉදිරිපත් කරන්නෙකු වන පැතුම් පුංචීහේවා විසින් සහෘද්‍ර ආමන්ත්‍රණය කෙරෙන එම වැඩ සටහනේදී අදහස් දැක්වීම්, පුබුදු ජාගොඩ, මංජුල වෙඩිවර්ධන සහ මොල සෙනෙවිරත්න විසිනි. එම සංවාදය සඳහා රසික ඔබ සැමට ආරාධනා.

නිරෝෂ ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...