කාවන්තිස්ස වැනි සුවිශේෂී ජාතික සම්පතක වටිනාකම මිල කිරීමට හැකිද?

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් සතෙකුගේ වටිනාකම ඇස්තමේන්තු කරන්නේ සත්ව හුවමාරු වැඩසටහන් වලදී ඊට අවශ්‍ය මුල්‍යමය තක්සේරුව ලබාගැනීමටයි. ඒ සඳහා එම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, වයස හා ස්ත්‍රී පුරුෂ භාවය වැනි සාධක සලකා බැලෙනවා. European Association of Zoos and Aquaria වැනි ආයතන මගින් සකස්කර ඇති නිර්ණායක එහිදී භාවිතා කෙරෙනවා.

නමුත් කාවන්තිස්ස වැනි සුවිශේෂී ජාතික සම්පතක වටිනාකම මිල කිරීමට හැකිද යන්න බරපතල ගැටළුවක්. හස්තියෙකුගේ වටිනාකම එම සත්ත්වයා විසින් ලබාදෙන පරිසර පද්ධති සේවාවන් වල වටිනාකම, සංචාරක කර්මාන්තය හරහා උපයා දෙන ආදායම් වල වටිනාකම ආදී අංශ ගණනාවක් ඔස්සේ ඇස්තමේන්තු කළ යුතුයි.

අප්‍රිකානු වනාන්තරවාසී අලියෙකු තම ජීවිත කාලය පුරා සිදු කරන කාබන් අවශෝෂණ සේවාවේ (Carbon Sequestration) වටිනාකම පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 1.75 ක් (~රුපියල් මිලියන 525 ක්) ලෙස තක්සේරු කර තිබෙනවා. ඒ හැරුණුකොට අලියෙකු ඉතා පුළුල් පරාසයක පැතිරුණු පරිසර පද්ධති සේවාවන් රැසක් ඉටුකර දෙන බැවින් මෙම වටිනාකම තවත් ඉහළ යනවා.

ලොව විශාලතම ගොඩබිම් ක්ෂීරපායී සත්ත්වයා වන අලියෙකු දැක බලා ගැනීමටත්, ඡායාරූපගත කිරීමටත් සංචාරකයන් ඉහළ මිලක් ගෙවීමට කැමැත්තෙන් සිටීම හේතුවෙන්, එක් අලියෙකු සිය ජීවිත කාලය තුළ සංචාරක සමාගම්, ගුවන් සේවා සහ දේශීය ආර්ථිකයන් වෙත ඇමරිකානු ඩොලර් 1,607,624.83 ක ආර්ථික දායකත්වයක් සපයන බව ඩේවිඩ් ෂෙල්ඩ්‍රික් වනජීවී භාරය (David Sheldrick Wildlife Trust) 2014 වසරේදී පෙන්වා දී තිබෙනවා. ඊට හාත්පසින්ම වෙනස්ව, මියගිය අලියෙකුගේ වටිනාකම (අමු ඇත්දළ සඳහා ඇස්තමේන්තුගත වටිනාකම) ඇමරිකානු ඩොලර් 21,000 ක් පමණක් වන අතර, එම මුදල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ ඇතැම් විට ත්‍රස්තවාදී කණ්ඩායම් පවා පෝෂණය කිරීමට යොදා ගැනෙනවා.

ඒ වගේම තෝරාගත් සංචාරක පරිසර පද්ධති තුළ ජීවත් වන එක් වන අලියෙකුගේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආර්ථික දායකත්වයේ සාමාන්‍ය වටිනාකම වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 53,000ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 16ක්) පමණ වන බව ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම සමස්ත වටිනාකම් එකතුව මෙරට ජීවත්වන අලියෙකු තම ජීවිත කාලය තුල පරිසර පද්ධති සේවා සහ සංචාරක ආදායම් ඇතුළුව ලබාදෙන වටිනාකම දළ වශයෙන් රුපියල් බිලියන 3.8 ක් බව ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය මගින් මෑතකදී ප්‍රකාශයට පත්කර ඇති ඇස්තමේන්තුවකින් පෙන්වාදී තිබෙනවා.

සුපුන් ලහිරු ප්‍රකාශ්

2026 නොවැම්බර් 19 දින අරුණ පුවත්පතට දැක්වූ අදහස්

Share post:

Popular

වෙනත් පුවත්

විශ්වාසය බිඳ වැටී ඇති පොලිසියකට PSTA – OCA වඳුරට ලැබුණු දැලි පිහියක්

ජනතා අරගලයකින් බිහි වූ වත්මන් රජය, හික්මවිය යුතු පොලිස්...

පනත් සම්මත වෙන්නටත් ප්‍රථම පොලිස් රාජ්‍යයක සෙවණැලි

වර්තමාන රජය විසින් හඳුන්වා දීමට යන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ජෛවමිතික දත්ත හැඳුනුම්පතට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයකට ලබාදී ඩිජිටල් හැඳුනුම්පත්...