හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල ජපන් භාෂාවෙන් උත්සව සභාවක් අමතන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙමින් පවතියි. ඒ පිළිබඳ උපහාසාත්මක මීම් { Meme} රැසක් සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය විය.
එම උපහාසාත්මක පොස්ටුවක දැක්වෙන ආකාරයට හිටපු කතානායකවරයා ජපන් භාෂාවෙන් සභාව අමතමින් ඉල්ලා ඇත්තේ තමන්ගේ උපාධි සහතිකය ගෙනත් දෙන ලෙසයි.
නමුත් පසුව ප්‍රධාන මාධ්‍ය ජනතාව තුළ තිබූ මෙම සැකය නිවැරදි කර තිබුණි.
මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට රන්වල මන්ත්‍රීවරයා කිසිදු අවිශ්වාසයක් බියක් නොමැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ජපන් ආයෝජකයින්ගෙන් ඉල්ලා තිබේ.
ජපන් ආයෝජනයක් වන බලපිටියේදී Hunas River හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අසෝක රන්වල ජපන් භාෂාවෙන් කතා කරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.
ජපාන ආයෝජකයින් සහ දේශීය ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිට ඇත.




