ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන් සහ දේශීය නියෝජිතයන්ගෙන්, ලංකා රජයට අය විය යුතු ඩොලර් බිලියනයක වන්දි මුදල ලබා ගැනීමට නොහැකි වීමට හේතු වූ ක්‍රියාකලාපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුවට අදාළ එකී විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින්, මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම හමුවේ ගොනුකර තිබෙන්නේ වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව විසිනි.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සහ එක්ස්ප්‍රස් පර්ල් වන්දි මුදල් අහිමි වීම අතර සම්බන්ධයක් තිබේද යන්න සොයා බලන ලෙසත් පැමිණිලිකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලයි.

පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදු බත් වීමට අදාල නඩුව විමර්ශනය කළ, එවකට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්, අදාල නැව් සමාගමට සහ එහි දේශීය නියෝජිතයන්ට, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ 25 වන දා ට පෙර ඩොලර් මිලියන 250 ක වන්දියක් ලංකා රජයට ගෙවන ලෙස නියෝග කර තිබේ.

නමුත් අදාල නැව් සමාගම විසින් ගෙවා ඇත්තේ ඩොලර් මිලියනයක වන්දි මුදලක් පමණි.

නියමිත කාලය තුළ අදාල වන්දි මුදල ගෙවීමට අපොහොසත් වූ නැව් සමාගමට සහ එහි දේශීය නියෝජිතයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ කටයුතු කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබුනද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනා එබදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව, වෛද්‍ය චමල් සංජීව පවසයි.

එමෙන්ම, එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ඩොලර් බිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස අදාල සමාගමට නියෝග කළ විනිසුරු මඩුල්ලේ සිටි ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයා වන යසන්ත කෝදාගොඩ කිසිදු සාධාරණ හේතුවකින් තොරව එම නඩුවෙන් ඉවත් කර ඇති බවටද වෛද්‍ය චමල් සංජීව චෝදනා කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...