අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත් අතිවිශේෂ ස්වර්ණමය රන් කරඬුවක් පූජා ලෙස ලැබී ඇති බව දළදා භාරකාරීත්වය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත සංදේශයක් මගින් නිල වශයෙන් දැනුම් දී තිබේ. මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් , අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන අයගේ අත්සනින් යුතුව මෙම සංදේශය යොමු කර ඇත.

කමන්ත අමරසේකර ඇතුළු පවුලේ ඥාතීන් හා හිතමිතුරන්ගේ ඉල්ලීමකට අනුව, දළදා භාරකාරීත්වයේ අනුමැතිය ඇතිව සිදු කර ඇති මෙම පරිත්‍යාගය සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ ද කමන්ත අමරසේකර විසිනි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් සහතික කරන ලද වාර්තාවලට අනුව, මෙම රන් කරඬුවේ අඩංගු සම්පූර්ණ පිරිසිදු රත්තරන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 65.224 කි. එහි ඔබ්බවා ඇති විවිධ මැණික් ගල්වල බර කිලෝග්‍රෑම් 1.480 ක් වන අතර, පෑස්සුම් හා උපකාරක ද්‍රව්‍ය සඳහා කිලෝග්‍රෑම් 20.822 ක් වැයවී ඇති බැවින් කරඬුවේ මුළු බර කිලෝග්‍රෑම් 86.04 ක් වන බව එහි සඳහන් වේ.

දළදා මෙතෙක් කල් තැන්පත් කර තිබූ කරඬුවේ පෞරාණික අනන්‍යතාවය සහ අගය සුරක්ෂිත වන පරිදි, එය දළදා මාළිගාවේ අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කර තැබීමට පියවර ගෙන තිබේ.

කමන්ත අමරසේකර Kelani Tyres PLC, Lanka Milk Foods (CWE) PLC, Madulsima Plantations PLC, Balangoda Plantations PLC, Eden Hotel Lanka PLC, Ceylon Hotels Corporation PLC, Palm Garden Hotels PLC, සහ AgStar PLC යන ලැයිස්තුගත සමාගම්වල ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ.

ඔහු මේ වන විට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි සිව්වෙනියාට විශාලතම කොටස් හිමියා වේ. මෙම සමාග LOLC සමූහ ව්‍යාපාරයට අයත් එකකි. LOLC සමාගමේ ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍රය වන්නේ මූල්‍ය ක්ෂේත්‍රය වන අතර එහි ඉහළින්ම තිබෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමයි.

අසාධාරණ කොන්දේසි යටතේ ණය ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය විසින් ග්‍රාමීය කාන්තාවන් ණය බරට ඇද දමමින් ඔවුන්ගේ සාරය උරා බෝන්නකි. එවැනි ණය ක්‍රම හරහා ධනය ගොඩ ගහගන්නා සමාගමක් දළදා මාලිගාව සඳහා මෙවැනි පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයට එරෙහිව අරගලයක නිරත වූ පිරිස්වල අප්‍රසාදයට ලක්ව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

සාහිත්‍ය මාසයේ පුරාජේරු සහ තිත්ත ඇත්ත

සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ...

සිංහරාජ අඩවියේ යෝශිත රාජපක්ෂ ගේ හෝටලයේ සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්ව.

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර...