Breaking News

ඉතාලියේ රියැදුරු බලපත් ගැටලුව එහෙට මෙහෙට මාරුවන පන්දුවක්ද ?

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව විසඳා ගැනීමේ අරමුණින් වර්තමාන රජය නියෝජනය කරන විදේශ කටයුතු ඇමතිවරයාට සහ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයාට මේ පිළිබඳව දැනුවත් කිරීම් ගණනාවක්ම පහුගිය කාලය පුරාවට සිද්ධ වුණා . 2022 සිට අද වනතෙක් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී කරුණු විමසන විට ලබාදෙන පිළිතුරු විශ්වාසවන්ත භාවයෙන් තොර වීම නිසාම මේ ගැටළුවට සම්බන්ධ වෙලා ඉන්න පිරිස නිරන්තරයෙන්ම  ගැටලුව විසඳා ගැනීමේ අරගලයක  සිටයා  . ඉතාලියේ ජීවත් වන  ලාංකිකයන්ට මුහුණපාන්නට සිදුව තිබෙන රියැදුරු බලපත් අර්බුදය විසඳා ගැනීම සඳහා ජන අරගල සන්ධානය වෙනුවෙන් වසන්ත මුදලිගේ  ඇතුළු කණ්ඩායමේ මැදිහත් වීමද රනිල් රාජපක්ෂ ආණ්ඩු සමයේදී මෙන්ම වර්තමාන අනුර කුමාර දිසානායකගේ ආණ්ඩු සමයේදී ද සිද්ධ  උනා . 

සියලු මැදිහත්වීම්වලදී ආණ්ඩුව පාර්ශවය නියෝජනය කරන කණ්ඩායම් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ මැදිහත්වීම නිසියාකාරයෙන් සිද්ධ කර ඇති බවත් ඉතාමත් කෙටි කාලයක් තුළ මේ ගැටලුව විසඳා ගැනීමට හැකියාව ලැබී තිබෙනබවයි .  වර්තමාන ආණ්ඩුව බලය ලබාගෙන මාස අටක් පමණ ගත වී තිබුණද මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම කිසිවිටෙකත් සිදුවී නැහැ .

ජුනි 4  වනදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී පුත්තලන්  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මේ පිළිබඳව විදේශ කටයුතු ඇමති විජිත හේරත් සහ   එම අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන්  කරුණු විමසා සිටියා .

එම පැනයට පිළිතුරු සැපයූ අමාත්‍යාංශ නිලධාරිනියක් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් අවශ්‍ය කරන ලියකියවිලි ඉතාලි රජය වෙත යොමු කර තිබෙන බවත් ඊට අවසර ලබාදීමේ කටයුත්ත දැන් ඉතිරිව ඇත්තේ ඉතාලි රජයට බවයි .

විදේශ කටයුතු ඇමතී විජිත හේරත් මෙහිදී පෙන්වා දුන්නේ 

පැවති රජයවල් විසින් වසර පහෙන් පහට මේ ගිවිසුම අලුත් කරගෙන පැමිණි අතර අවසන් වතාවට මේ ගිවිසුම අලූත් කිරීමට නියමිතව තිබෙද්දී ඉතාලි රජය පාර්ශවයෙන් එය  අත්හිටවන්නට  තීරණය කළ බවයි . ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ ලංකාවේ රියැදුරු බලපත් වර්ග කිහිපයක් තිබෙන නිසා ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි බලපත්‍රයට මාරු කරන විට ගැටළු මතු වෙන හෙයින් එම ගැටළුව විසඳා දෙන ලෙස එම පාර්ශ්වයෙන් දන්වා තිබුණු බවයි . මෝටර් රථ දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කර එම ප්‍රශ්නය විසඳා ඇති බව විජිත හේරත් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා .

අමාත්‍යවරයාගෙන් චිත්‍රලාල් පෙරළා ප්‍රශ්න කර සිටියේ මේ මොහොත වන විට ප්‍රශ්නය කිනම් තැනක තිබෙනවාද යන්නයි . විජිත හේරත්ගේ පිළිතුර උනේ ප්‍රශ්නය ධනාත්මක තැනකට මාරුවී ඇති බවයි . ඉක්මන් කර ගැනීම සඳහා තමන්ගේ පාර්ශවයෙන් ඉතාලි රජය පැත්තට බලපෑමක් කරන්නට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා .

leave a reply