අප්‍රේල් විසි හයවදා ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ශාන්ත පීතර චතුරශ්‍ර භූමියේ 250,000 ක පමණ ජනතාවක් සහභාගී සිටි අතර පාප් වහන්සේට සමුදීමේ පෙරහැර නැරඹීමට ඒ අතර වීදි වල විශාල සෙනඟක් එක්රොක් වී සිටිය බව වාර්තා වෙනවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා රෝමයට 400 000 ක් ඉක්මවූ ජනතාවක් සහභාගි වී සිටි බව ඉතාලි මාධ්‍ය වාර්තා කරල තිබුණා. ඊට අමතරව රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර නියෝජිතයින් 166 දෙනෙකු සහභාගී ඌ බව වතිකානුව ප්‍රකාශ කරනවා.
කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා අවමංගල්‍ය උත්සවයේ මුලසුන දැරීය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අබියස පැවති අවසන් දිව්‍ය පූජාවෙන් පසුව උන්වහන්සේගේ අවසන් ඉල්ලීම මත දේහය තැන්පත් කිරීම සඳහා විවෘත රථයකින් සාන්ත මාරියා මජෝරේ බැසිලිකාව වෙත රැගෙන ගියේය. වතිකානුවෙන් පිටත පාප් කෙනෙකුගේ දේහයක් තැන්පත් කරන්නේ වසර සියයකට පසුව පමණ වීම විශේෂත්වයක් වෙනවා .
පාප් කෙනෙකුගේ මරණින් පසු අවම සති දෙකක් ඇතුළත නව පාප් වහන්සේ කෙනෙකු තෝරාපත් කර ගැනීම සිදුකළ යුතුයි . ඒ අනුව එළඹෙන මැයි මස5 වැනිදාත් 10 වනදා අතර කාලය තුළ නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සිදුකිරීමට නියමිතයි .