ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සමුදීමට 400 000  වැඩියි ජනතාවක් රෝමයට ඇවිත් 

අප්‍රේල් විසි හයවදා  ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ශාන්ත පීතර චතුරශ්‍ර භූමියේ 250,000 ක පමණ ජනතාවක් සහභාගී  සිටි අතර  පාප් වහන්සේට සමුදීමේ පෙරහැර නැරඹීමට ඒ අතර වීදි වල විශාල සෙනඟක් එක්රොක් වී සිටිය බව  වාර්තා වෙනවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා රෝමයට 400 000 ක් ඉක්මවූ ජනතාවක් සහභාගි වී සිටි බව ඉතාලි මාධ්‍ය වාර්තා කරල තිබුණා.  ඊට අමතරව රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර නියෝජිතයින් 166 දෙනෙකු සහභාගී  ඌ බව වතිකානුව ප්‍රකාශ කරනවා.

කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා අවමංගල්‍ය උත්සවයේ මුලසුන දැරීය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අබියස පැවති අවසන් දිව්‍ය පූජාවෙන් පසුව උන්වහන්සේගේ අවසන් ඉල්ලීම මත දේහය තැන්පත් කිරීම සඳහා විවෘත  රථයකින්  සාන්ත  මාරියා මජෝරේ බැසිලිකාව වෙත රැගෙන ගියේය. වතිකානුවෙන් පිටත පාප් කෙනෙකුගේ දේහයක් තැන්පත් කරන්නේ වසර සියයකට පසුව පමණ වීම විශේෂත්වයක් වෙනවා .

පාප් කෙනෙකුගේ මරණින් පසු අවම සති දෙකක් ඇතුළත නව පාප් වහන්සේ කෙනෙකු තෝරාපත් කර ගැනීම සිදුකළ යුතුයි . ඒ අනුව එළඹෙන මැයි මස5 වැනිදාත් 10  වනදා අතර කාලය තුළ නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සිදුකිරීමට නියමිතයි .

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...