පාස්කු වාර්තා අධ්‍යනයට ශානිවත් ඇතුල් කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට පොලීසිය පත්කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරි ශානි අබේසේකර ඇතුළත් කර තිබේ. නව රජය විසින් අති දක්ෂ පොලිස් නිලධාරියෙකු ලෙස තම මැතිවරණ වේදිකාවල උත්කර්ෂයට නංවන ලද ශානි අබේසේකර පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බැලීමට පත්කළ කමිටුවට ඇතුළත් කර නොතිබීම ගැන බොහෝදෙනෙකුගේ අවධානය යොමුවිය.

එයට තවත් හේතුවක් වූවේ මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට රනිල් හිතවාදියෙකු වීමයි. කෙසේවෙතත් මේ පිළිබඳ සමාජය තුළ කතා බහක් මතුවීමත් සමඟ නැවත ඔහුව මෙමෙ කමිටුවට පත්කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවේ
අනෙකුත් සාමාජිකයින් ලෙස ,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පත් කරනු ලැබුවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එය විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදීයි.

තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් , කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ද්වේශසහගත ලෙස තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...