ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත් වෙනවා.  වැඩ වර්ජනයට USB – ප්‍රමුඛ වෘත්තිය සමිති එකමුතුව විසින් කැඳවා තිබේ. 

සිකුරාදා විරෝධතාවයට පාසල් සහ විශ්ව විද්‍යාල පද්ධතියද එකතු වෙන අතර විරෝධතාවයට සහ  සහාය පළකිරීම සඳහා උසස් අධ්‍යාපන ආයතන වල ශිෂ්‍යා සංවිධාන විසින් පසුගිය දින කීපය පුරා පාසල් අත්පත් කර ගැනීමේ වැඩසටහනක නියැලී සිටියා.

සෞඛ්‍ය සේවය, රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල සේවක සේවිකාවන් ,ගුවන් සහ වරාය සේවා අංශය වැඩවර්ජනයේ නියැලෙන කණ්ඩායම් අතර වෙනවා.

එමෙන්ම දකුණු ඉතාලියේ ක්‍රියාත්මක වෙන ට්‍රක් රථ රියදුරන්ගේ සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ විරෝධතාවයද මීට සහය දක්වනවා.

දුම්රිය සහ පොදු ප්‍රවාහන සේවයද  වැඩ වර්ජනයට එකතු වෙන්නට කටයුතු කර තිබුණු අතර පසුව ඉතාලිය යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ  මැදිහත්වීමකින් ප්‍රවාහන සේවයේ වැඩවර්ජනය අත්හිටවන්න බලපෑම් කර තියනවා . නමුත් එම බලපෑම නොතකා ඔවුන් ද හෙට දිනයේ දී වැඩවර්ජනයට සම්බන්ධ වන බව ප්‍රකාශ වෙනවා. 

රෝමා , මිලානෝ, තොරිනෝ ,නාපෝලි ,ෆිරෙන්සේ, බ්‍රේෂියා ඇතුළු ඉතාලියේ ප්‍රධාන නගර සියල්ලේම හෙට උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතයි.

පොදු ජනතාවගේ එදිනෙදා ජීවිතය අපහසු වී තිබෙන ආර්ථික අර්බුදයන් ඇතුලේ පවා මෙලෝනීගේ ආණ්ඩුව  යුද වියදම් වැඩි කරමින් සහ මර්ධනය සඳහා අවශ්‍ය කරන පහසුකම් සැපයීමට යටිතල පහසුකම් සපයමින් සිටිනවා.

දරාගන්න බැරි ජීවන වියදම, ඉහල යන ඉන්ධන වියදම,සෞඛ්‍යයට මුදල් කප්පාදුව, අධ්‍යාපනයට මුදල් කප්පාදුව ඇතුළු ප්‍රශ්න ගණනාවක් මිනිසුන් පාරට බැසීමට හේතු වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...

හෝමාගම පොලිසියේදී සිදුවූ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ තහනම්

හෝමාගම පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී මියගිය බවට සැක...