හිංසනයට විරුද්ධ වෙන්න ගිහින් තවත් හිංසන වෙලා

සබරගමු විශ්ව විද්‍යාලයේ සිදුවූ නවක වධ සිදුවීමට සම්බන්ධ බව පවසමින් සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්ගේ ඡායාරූප හුවමාරු කිරීම නිසා සිසුන් පිරිසක් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. දැනට එම සිදුවීම් සම්බන්ධයෙන් සිසුන් හතරදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

එහෙත් පසුගිය දින කිහිපය පුරා මෙම හිංසනයට සම්බන්ධ බව පවසමින් ශිෂ්‍යාවන් සහ සිසුන් කිහිපදෙනෙකුගේ ඡායාරූප විවිධ සමාජ මාධ්‍ය පිටු හරහා බෙදාගෙන තිබුණි. එම ඡායාරූප සඳහා ඇතැම් පිරිස් අසභ්‍ය වචන බාවිත කරමින් බැන වදිනු දක්නට ලැබුණි. මෙහිදී අපහට වාර්තා වී ඇති පරිදි මෙම ඇතැම් සිසුන් සබරගමු සරසවියේ අධ්‍යාපනය ලබන සිසුන් නොවේ.

එසේම තවත් සිදුවීමක් ලෙස වාර්තා වන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ සිසුවාට නවක වධය දුන් බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපවල සිටින බව කියන එම පීඨයේ සිසුවියන් පස් දෙනෙක් මානසික අවපීඩනයකට ලක්ව නිවෙස් බලා යාමට අවශ්‍ය බව ඊයේ (04 වැනිදා) වන විට පරිපාලන අංශවලට දන්වා ඇති බවයි.

ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම පස් දෙනාට නිවෙස් බලා යාමට අවශ්‍ය පහසුකම් සැලසෙන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...