හිංසනයට විරුද්ධ වෙන්න ගිහින් තවත් හිංසන වෙලා

සබරගමු විශ්ව විද්‍යාලයේ සිදුවූ නවක වධ සිදුවීමට සම්බන්ධ බව පවසමින් සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්ගේ ඡායාරූප හුවමාරු කිරීම නිසා සිසුන් පිරිසක් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. දැනට එම සිදුවීම් සම්බන්ධයෙන් සිසුන් හතරදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

එහෙත් පසුගිය දින කිහිපය පුරා මෙම හිංසනයට සම්බන්ධ බව පවසමින් ශිෂ්‍යාවන් සහ සිසුන් කිහිපදෙනෙකුගේ ඡායාරූප විවිධ සමාජ මාධ්‍ය පිටු හරහා බෙදාගෙන තිබුණි. එම ඡායාරූප සඳහා ඇතැම් පිරිස් අසභ්‍ය වචන බාවිත කරමින් බැන වදිනු දක්නට ලැබුණි. මෙහිදී අපහට වාර්තා වී ඇති පරිදි මෙම ඇතැම් සිසුන් සබරගමු සරසවියේ අධ්‍යාපනය ලබන සිසුන් නොවේ.

එසේම තවත් සිදුවීමක් ලෙස වාර්තා වන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ සිසුවාට නවක වධය දුන් බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපවල සිටින බව කියන එම පීඨයේ සිසුවියන් පස් දෙනෙක් මානසික අවපීඩනයකට ලක්ව නිවෙස් බලා යාමට අවශ්‍ය බව ඊයේ (04 වැනිදා) වන විට පරිපාලන අංශවලට දන්වා ඇති බවයි.

ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම පස් දෙනාට නිවෙස් බලා යාමට අවශ්‍ය පහසුකම් සැලසෙන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...