‘යුක්තිය සංදර්ශනය’ සඳහා ඇති උනන්දුව සැබෑ අපරාධ ගැන සෙවීමට නැහැ

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදු කළ යුක්තිය මෙහෙයුම්වලින් සැකකරුවන් 1067 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 984 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 83 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

නමුත් තවමත් පොලීසියට දිවයින පුරා සිදුවන වෙඩි තැබීම් සම්බන්ධව කිසිදු දෙයක් නොකර බලා සිටිනු දක්නට ලැබේ.

විශේෂයෙන් රට තුළ ආන්දෝලනයක් ඇති කළ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හමු වී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා තිබේ.

ලංකාදීප වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විවිධ පැති ඔස්සේ දිගින් දිගටම විමර්ශන සිදු කරන බවයි.

මෙම ඝාතනයට සැකකරුවන් සෙවීමේ පරීක්ෂණ කටයුතු සඳහා පරීක්ෂණ නිලධාරී කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බවද වාර්තා වෙනවා.

පසුගිය 26 වැනිදා කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය දිවිතුරුගම නිවසේදී වෙඩි තබා ඝාතනය කෙරුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රොෂාන් කුමාරට වෙඩි තබා පලා ගොස් තිබුණා.

මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් දන්නේ නම් වහා ලබා දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

මත්ද්‍රවය අල්ලන බව කියමින් සංදර්ශන දැමීමට ඇති උනන්දුව සැබෑ අපරාධ සම්බන්ධයෙන් නැතිවීම ගැන ජනතාව තුළ මේ වනවිට සැක මතුවෙමින් ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...