දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ දිනයේදී ඇප මත මුදාහැර තිබුණි. අත්අඩංගුවට පත්වූවන්ට චෝදනා ගොනුකර ඇත්තේ අයුතු ජන රාශිය සහ අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම පිළිබඳවයි.

මෙම බලයට පත්වීමට ප්‍රථම ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ඉතිහාසයම ගොඩ නැගී තිබුනේ විරෝධතා මතයි. එවැනි අවස්ථාවලදී ඕනෑතරම් මාර්ග අවහිර කිරීම්, අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර පවිච්චි කිරීම් සිදුකරන ලදී. එවැනි ඉතිහාසයක් සහිත ව්‍යපාරයක් විරෝධතාවයක් සම්බන්ධයෙන් ඉහත චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳ බොහෝ දෙනෙක් විමතිය පළකරමින් සිටියි.

එසේම ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික දුමින්ද නාගමුව පැවසුවේ,

”දැනට මේ ආණ්ඩුව අයුතු ජන රාශිය වගේ චෝදනා වලින් තමයි උද්ඝෝෂණ මර්දනය කරන්නේ. හැබැයි මෙතන තියෙන භයානකම දේ තමයි ඉදිරියේදී සම්මත කරන්න නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත. මේ පනතෙන් පුලුවන් උද්ඝෝෂණයක් කරන්නත් කලින් ත්‍රස්තවාදී ක්‍රියා විදිහට නම් කරලා උද්ඝෝෂණ තහනම් කරන්න, සංවිධාන තහනම් කරන්න. පුද්ගලයින් අත් අඩංගුවට අරගෙන රඳවා තබාගන්න. ඉස්සර ආණ්ඩු උද්ඝෝෂණවලට පහරදීලා මර්දනය කළා. දැන් ජාජබ ආණ්ඩුව සූදානම් වෙනවා විරෝධය දක්වන්නේ ත්‍රස්තවාදීන් කියලා හංවඩු ගහලා මර්දනය කරන්න. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලුදෙනාටම අපි කියනවා මේ තුච්ඡ වැඩපිළිවෙළට එරෙහිව නැගී සිටින්න කියලා.”

දුමින්ද නාගමුව කියන ආකාරයට ඉදිරියේදී ආණ්ඩුව රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත ගෙන ඒමට නියමිතව තිබේ. එය මේ සතියේ පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ. ඉන්පසු ආණ්ඩුවට අයුතු ජනරාශිය වෙනුවට මෙම පනත හරහා විරෝධතා මර්දනය කිරීම නොකරනු ඇති බව කාට නම් කිව හැකිද?

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...