සමාජ ආරක්ෂණ බදුත් එකතුවී විදුලි ගාස්තු තව ඉහළට

විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසා තිබේ.

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව මෙම බද්ද එකතු වන බව ඔහු පවසා ඇත.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල නැවතත් 30%කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

මේවනවිට වැඩිව ඇති විදුලි බිල ජනතාවට දැනටමටත් දරාගත නොහැකි මට්ටමට ලඟා වී තිබේ. එය තවදුරටත් වැඩිකිරීම යනු තවත් ජනතාවගේ ආර්ථික තත්ත්වයට එල්ල කරන පහරකි. රජයේ සහන කප්පාදු කරමින් විදුලි බිල වැඩිකිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සොච්චම් ණය මුදලක් වෙනුවෙන් ජනතාවට ගෙවීමට සිදුවන මිල ඉතා ඉහළ බව පෙනෙන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...