සමාජ ආරක්ෂණ බදුත් එකතුවී විදුලි ගාස්තු තව ඉහළට

විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසා තිබේ.

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව මෙම බද්ද එකතු වන බව ඔහු පවසා ඇත.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල නැවතත් 30%කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

මේවනවිට වැඩිව ඇති විදුලි බිල ජනතාවට දැනටමටත් දරාගත නොහැකි මට්ටමට ලඟා වී තිබේ. එය තවදුරටත් වැඩිකිරීම යනු තවත් ජනතාවගේ ආර්ථික තත්ත්වයට එල්ල කරන පහරකි. රජයේ සහන කප්පාදු කරමින් විදුලි බිල වැඩිකිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සොච්චම් ණය මුදලක් වෙනුවෙන් ජනතාවට ගෙවීමට සිදුවන මිල ඉතා ඉහළ බව පෙනෙන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...