පොලීසියේ 4000ක් දොට්ට දමන්න යෝජනාවක්

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍යාංශයට යොමු කරන ලෙසත් මහජන ආරක්ෂක කටයුතු අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. සෞඛ්‍යය පරිසාධන මට්ටමේ නොසිටින නිලධාරීන් 4000ක් පමණ පොලිසියේ සිටින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉහත තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මහජන ආරක්ෂක කටයුතු අමාත්‍ය ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

එහි පළමු රැස්වීම පසුගිය (20) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ කරුණු සාකච්ඡා වී තිබේ.

මේ සඳහා සහභාගී වූ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තෙ ඇතැම් පොලිස් නිලධාරීන් තමාගේ සෞඛ්‍ය ගැටළු පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර දුෂ්කර සේවා සඳහා නොගොස් සිටින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...