පොලීසියේ 4000ක් දොට්ට දමන්න යෝජනාවක්

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍යාංශයට යොමු කරන ලෙසත් මහජන ආරක්ෂක කටයුතු අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. සෞඛ්‍යය පරිසාධන මට්ටමේ නොසිටින නිලධාරීන් 4000ක් පමණ පොලිසියේ සිටින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉහත තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මහජන ආරක්ෂක කටයුතු අමාත්‍ය ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

එහි පළමු රැස්වීම පසුගිය (20) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ කරුණු සාකච්ඡා වී තිබේ.

මේ සඳහා සහභාගී වූ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තෙ ඇතැම් පොලිස් නිලධාරීන් තමාගේ සෞඛ්‍ය ගැටළු පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර දුෂ්කර සේවා සඳහා නොගොස් සිටින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...