ජෛවමිතික දත්ත හැඳුනුම්පතට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයකට ලබාදී ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණයට අභියෝග කරමින් ජන අරගල ව්‍යාපාරය විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවද සඳහන් වනවා.

වසන්ත මුදලිගේ මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ,” ආණ්ඩුව ඩිජිටල් හැදුනුම්පත කියන නමට මුවා වෙලා රටේ සියලු වැඩිහිටියන්ගේ ජෛව දත්ත ටික ගන්න සැලසුම් කරලා තියෙනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

සටන් කරන බලවේග මර්දන පනත්වලට එරෙහිව එක්වෙද්දී OCA ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය...

උද්ධමනය පාලනය වෙනුවට අනාවැකි කියන මහ බැංකුව

ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ...

යුද්ධයට සහ ජීවන වියදමට එරෙහිව අපි අනාගතය අප සතු කර ගනිමු! 

නොවැම්බර් 20 වන සිකුරාදා  ඉතාලිය පුරා පැය 24ක මහා...