උද්ධමනය පාලනය වෙනුවට අනාවැකි කියන මහ බැංකුව

ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා තිබේ.

ඔහු මේ බව පවසා සිටියේ අද (20) මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවට එක් වූ අවස්ථාවේ දී යි.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙලෙස උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.

මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ පසුගිය මාසය අවසානයේදී මෙරට උද්ධමනය සියයට 8.3ක් ලෙස වාර්තා වූ බවයි.

2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් අනතුරුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ බව ද ඔහු පවසා ඇත.

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රමුඛ කාර්ය උද්ධමනය ගැන පුරෝකථන ඉදිරිපත් කිරීමද නැතහොත් උද්ධමනය පාලනය කිරීමද යන ප්‍රශ්නය මතුවේ. උද්ධමනය වැඩිවෙන රටාව අනුව ඉදිරියේදී එය තවත් වැඩිවිය හැකි බව කීමට මහ බැංකුව අවශ්‍ය නොවේ. මහ බැංකුව අවශ්‍ය වන්නේ උද්ධමනය පාලනයටයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන අවස්ථාවේ ලංකාවේ ආර්ථික විෂමතාවය සඳහා විසඳුම් සෙවීම, නිෂ්පාදන ප්‍රමුඛතා තෝරාගෙන ආර්ථිකය සංවර්ධනය කිරීම වැනි අරමුණු ප්‍රකාශ කෙරිණි. නමුත් IMF කොන්දේසි යටතේ රනිල් වික්‍රමසිංහ පාලන සමයේ සම්මත කළ මහ බැංකු (සංශෝධන) පනතෙන් පසුව නන්දලාල් මහ බැංකු අධිපතිවරයාම පැවසුවේ දැන් මහ බැංකුවට කිසිම සමාජ වගකීමක් නැති අතර වග කියන්නේ ප්‍රතිපත්‍ති පොලී අනුපාතික පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කිරීම සම්බන්ධයෙන් පමණක් බවය. නමුත් අවම වශයෙන් එය හෝ කිරීම මහ බැංකුව විසින් පැහැර හැර ඇති බව පෙනෙන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

යුද්ධයට සහ ජීවන වියදමට එරෙහිව අපි අනාගතය අප සතු කර ගනිමු! 

නොවැම්බර් 20 වන සිකුරාදා  ඉතාලිය පුරා පැය 24ක මහා...

කීරි සම්බා මිල පාලකයා අයවැය තේ පැන් සංග්‍රහයේ

නොවැම්බර් 17 වන දා පැවැති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය...

කාවන්තිස්සගේ මරණයට හේතුව ගැන අධිකරණයේදී අනාවරණයක්

කාවන්තිස්ස හස්තියා මිය යෑමට හේතුව වෙඩි තැබීමක් නොව මහාන්ත්‍රයේ...