ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින් අවධානයට ලක්වී තියනවා . පසුගිය සතිය වන විට ප්‍රංශ විරෝධතාවයේ ආභාෂය ලත් විරෝධතා දැක්වීමේ මාදිලිය ඉතාලි ශිෂ්‍යයන් වෙතත් කාන්දුවී ඇති බවක් අපට දැකගන්න පුළුවන් වුණා . . ඔක්තෝම්බර් 16 වන දා වන විට සමාජ මාධ්‍ය හරහා සංවිධානය වූ විරෝධතාවයන් ගණනාවක් ඉතාලියේ විවිධ නගරවල දක්නට ලැබුණා . . ඔක්තෝබර් 17 වන සෙනසුරාදා වන විට ශිෂ්‍ය විරෝධතා රැල්ල තවදුරටත් පුළුල් වී ඉතාලියේ මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා ඇතුළු නගර බොහොමයකට ව්‍යාප්ත උනා . විරෝධතාවයන්ගේ ඉල්ලීම් වෙත අවධානය යොමු වෙනවා වෙනුවට විරෝධතාවයන් අවසානයේ සිද්ධ වුණේ කලහකාරිත්වය සහ දේපල හානි කිරීම කඩ සාප්පු කඩා බහන්ඩ කොල්ලකෑම වැනි අතුරු කරුණු වලට අවධානය යොමුවීමයි . ඒ පිළිබඳව පසුවට කතා කරන්න ඉඩ තබා අපි දැන් අවධානය යොමු කරමු ප්‍රංශයේ ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතාවය වෙතට .

1963 පසුව ව්‍යාප්තව සහ ශක්තිමත්ව ගොඩනැගුණු ශිෂ්‍ය විරෝධතාවය ලෙස මෙය හැඳින්වෙනවා . 2026 සැප්තැම්බර් 21 වන දා ප්‍රථම නැගිටීම සිදුවන්නේ ප්‍රංශයේ ජාතික අධ්‍යාපන ක්‍රමය විනාශ කර ඇති මැක්‍රොන්වාදී කප්පාදු හෙළා දකිමින් Créteil නගරයේ පාසලක් මූලික කොට ගෙන ආරම්භ කරන විරෝධතාවයකින් . ඔවුන්ගේ ඉල්ලීම් බවට පත්වී තිබුණේ ගුරු හිඟයට විසඳුම් , ගරා වැටුණු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සහ නව ගොඩනැගිලි ඉදිකිරීම , මෙන්ම අධ්‍යාපනයට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් . තනි පාසලකින් ආරම්භ කරපු මේ විරෝධතාවය සැප්තැම්බර් 29 වන දා වන විට පැරිස් නගර සීමාවෙන් එළියේ තිබෙන පාසල් 410 ක් අත්පත් කරගැනීම දක්වා වර්ධනය වෙලා තිබුණ . අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ප්‍රකාශයට පත් කළ වාර්තා අනුව, පැරිස් නගරයේ 56,000 ක් ඇතුළුව අඟහරුවාදා ප්‍රංශය පුරා 450,000 කට අධික ජනතාවක් වීදි බැස සිටියා .

ආරම්භක විරෝධතාවයේ ඉල්ලීම් මොනවාද?

අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන රජයේ පාසල් තුළ පවතින සම්පත් හිඟය සහ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට බල කරමින් තමයි විරෝධතා ආරම්භ වෙන්නේ . දෙවන අදියර වන විට මෙම විරෝධතාවය ශක්තිමත් කිරීම සඳහා පාසල් ගුරුවරු , දෙමව්පියන් සහ වෘත්තිය සමිති විරෝධතාවයට සහය දක්වමින් එකතු වෙනවා . ඔක්තෝම්බර් මුල් ආරම්භය වන විට නොකඩවා සෑම දිනකම ඉල්ලීම් මුල් කොටගත් විරෝධතාවයන් දියත් කරනවා . ‍ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගුරු හිඟය 3000 පමණ දැවැන්ත එකකි . ප්‍රංශ ප්‍රතිපත්ති වලට අනුව දරුවන් තිස් දෙනෙකුට එක් ගුරුවරයෙක් සිටිය යුතුයි. නමුත් සමහර ප්‍රදේශවල මෙය තිස්පහ හතළිහ දක්වා වර්ධනය වී පවතිනවා.

දැන් වන විට අධ්‍යාපන අර්බුදය පමණක් නොව, ජීවන අර්බුදය ද මෙම විරෝධතාවයට එකතුවෙලා තියෙනවා . ජීවත්වීමට අපහසුයි. ඉන්ධන මිල වැඩියි . වහාම ඒ සඳහා විසඳුම් ලබා දෙන්න කියන ඉල්ලීමද ජනතාව අද පාරට අරගෙන ඇවිත් ඉන්නවා . අධ්‍යාපනයට මුදල් වෙන් කරන්න! යුද්ධයට වෙන් කරන මුදල් කපා හරින්න! කියන ඉල්ලීමත් මේ අතර තියෙනවා.

අරගලයේ ස්වභාවය පිළිබඳව විමසා බැලීම

මේ විරෝධතාවයන් පැන නගින්නේ මඟ පෙන්වීමක් යටතේ දේශපාලන අරමුණක් සහිතව සංවිධානාත්මකව නෙමෙයි . ඔක්තෝම්බර් 21 වන දා Créteil විරෝධතාවය සාර්ථක වුණායින් පසුව ගොඩනැගෙන සමාජ මාධ්‍ය ඒකරාශී වීම් සහ CHAT GROUP සංවිධානය වීම හරහායි . විරෝධතාවයන් වෙත දායකත්වය සැපයූ අති බහුතරය මූලික අරමුණු වෙනුවෙන් ක්‍රියා කළත් විරෝධතාවයට මුවාවෙලා කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නියැළීම යම් පිරිසක් සිදු කරනු ලැබුවා . පොලිසිය සහ කැරලි මර්දන ඒකක කළ මැදිහත්වීම් වල උද්ඝෝෂකයන් ප්‍රකෝපකාරී කරන හැසිරීම් දක්නට ලැබුණු අතර ඒවා නිරන්තරයෙන්ම ප්‍රංශ අරගල තුළ පවතින ගති ලක්ෂණ යි . සැබෑ අරගලය එක් පසෙකින් ක්‍රියාත්මක වුණු අතර වත් පසෙකින් කඩාකප්පල්කාරීන් ක්‍රියාත්මක වුණා . . නමුත් මෙම ක්‍රියාවලියේ එක් පැත්තක් පමණක් ලෝකයට නිරාවරණය කරමින් ඒ හරහා ජනතා අරගල මර්දනය කිරීම සඳහා අණ පනත් වල වුවමනාව දේශපාලකයන් විසින් සමාජගත කළ අතර ජනතාව ඉල්ලා සිටි ප්‍රතිසංස්කරණ වලට කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැහැ .

මැක්‍රොන් උද්ඝෝෂණයට පෙර මර්දනය දියත් කරන ආකාරය

එළඹෙන ඔක්තෝබර් 24 වන සෙනසුරාදා පුළුල් උද්ඝෝෂණයක් සඳහා ‍ ප්‍රංස ජනතාවත් ශිෂ්‍ය ව්‍යාපාරත් සූදානම් වන බවක් සමහර මාධ්‍ය අනාවරණය කරලා තිබුණා . පැරීසිය, මොංපෙලේ, මර්සීලියා සහ ලියෝනේ නගරවල උද්ඝෝෂණ පැවැත්වීම තහනම් බව ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා . ඒ වගේම මේ වන විට පැරිස් නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා අමතර හමුදාව සහ පොලිසිය කැඳවන්නටත් උද්ඝෝෂණ පැවැත් වුවොත් උපරිම බලයක් යොදවන්නටත් ආණ්ඩුවේ සූදානමක් පවතිනවා . එමෙන්ම 24 වන දා සියලුම පොදු ප්‍රහාන සේවාවන් අත්හිටවන්නටත් නගරය වෙත ඇතුල් වීම සීමා කිරීමටත් කටයුතු කරමින් ඉන්නවා.

කෙසේ වෙතත් ප්‍රංස අරගල ඉතිහාසය දෙස හැරී බලන විට රාජ්‍ය මර්ධනය හෝ බලහත්කාරය යොදවා ජනතාව නිවෙස් වලට කොටු කිරීමට කිසිදු පාලකයෙකුට හැකියාව ලැබී නැහැ . ආණ්ඩු විසින් මර්දනය මුදා හරින විට සිද වී තිබෙන්නේ කෝපය සහ අරගලය තිවුරවීමයි .

ප්‍රංශ ජනගහනය මිලියන 69 ක් . තවම පාරට බැස සිටින්නේ ලක්ෂ පහක් හයක් වූ සුළු පිරිසක් පමණයි.

ඉතාලියේදී මොකද වුණේ ඊළඟ ලිපියෙන්

සමන්සිරි හේරත්

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...

පොලීසියෙ ‘කට ඇරීම’ ගැන post එකට විරුද්ධව මානව හිමිකම් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති,...