සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් 26ක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය පසුගිය නොවැම්බර් 9 වැනිදා අවසන් විය.
එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් මතුවූ විරෝධතා සහ ගැටලු සැලකිල්ලට ගනිමින් රජය විසින් සංශෝධන කිහිපයක් යෝජනා කර ඇති බවයි.
නඩු විභාගය අවසානයේදී පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ද අධිකරණය නිවේදනය කර ඇත.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගෙන තිබේ.
ආණ්ඩුව සැරසෙන බව පෙනෙන්නේ සංශෝධන කිහිපයක් සිදුකර මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම බව පෙනේ.නමුත් බොහෝ පාර්ශව පවසමින් සිටින්නේ මෙම මර්දන පනත් සියල්ල ඉරා දමන තුරු සටන ඉදිරියට ගෙනයන බවයි.
ඊයේ දේශපාලන ව්‍යාපාර, සිවිල් සංවිධාන නියෝජිතයන්, වෘත්තීය සමිති නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති PTA , PSTA සහ OCA ට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් බොහෝ පිරිසක් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම පනත් අකුළා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් එයට විරුද්ධව එකට එකතුවී වැඩ කිරීමට සූදානම් බවයි.




