යුද්ධයට සහ ජීවන වියදමට එරෙහිව අපි අනාගතය අප සතු කර ගනිමු! 

නොවැම්බර් 20 වන සිකුරාදා  ඉතාලිය පුරා පැය 24ක මහා වැඩවර්ජනයක් පැවැත්වීමට නියමිතය. CGIL වෘත්තීය සමිතිය විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම විරෝධතාවයට COBAS, Clap සහ Sial යන වෘත්තීය සමිතිවල මෙන්ම වාමාංශික ප්‍රගතිශීලි බලවේග වල සහය ලැබී තියනවා. මෙම වැඩවර්ජනයට  සහාය දැක්වීම සම්බන්ධයෙන් Magazzino47 ජනතාව දැනුවත් කිරීමේ අත්පත්තිකාවේ සිංහල පරිවර්තනය  .

පසුගිය මාස කිහිපය තුළ යුරෝපය පුරා ප්‍රබල දේශපාලනික සක්‍රීය වීමක් අප  අත්විඳි අතර එය දැක ඇත්තෙමු. දැවැන්ත සමාජ බලමුලු ගැන්වීම් හරහා අපේ රට ද ඊට දෙවැනි වී නැහැ . නිෂ්පාදන සහ ප්‍රවාහන අවහිර කිරීම් – කම්කරු වැඩවර්ජන – මෙන්ම උසස් පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් විසින් ගොඩනැගිලි ,ආයතන අත්පත් කර ගැනීම්  ඇතුළු විරෝධතා ව්‍යාපාර මීට ඇතුළත් වෙනවා .

මෙලෝනි රජයේ  ජනතාව අනාරක්ෂිත අස්ථාවර තත්ත්වයට පත් කරන ආර්ථික ක්‍රමයට එරෙහි අරගලය දිගටම පවතී! පෙට්‍රල් මිල, නිවාස කුලී සහ එදිනෙදා බඩු බාහිරාදිය වියදම් ඉහළ යාම ගැන අපි කතා කරමු. සෑම දෙයක්ම මිල අධික වන අතර ජනතාව වඩ වඩාත් දුප්පත් වෙමින් සිටී. මේ සියල්ල සිදුවන්නේ නව අයවැය නීතිය හරහා සහ නේටෝ (NATO) උපදෙස් අනුගමනය කරමින් 2026 වසරේදී දැනටමත් බිලියන 35 ඉක්මවන (දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.72% ක් වන) හමුදා වියදම් සඳහා රජය තවත් බිලියන 6 ක් එකතු කරන අතරතුරය.

මෙම සරත් සෘතුවේ ගොඩ නැගෙන නොනවතින විරෝධතාවලට මුහුණ දීමට මෙලෝනි රජය සූදානම් වෙමින් ඇත්තේ පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරන  අත්තනෝමතික  පාලනයක් සඳහා අවශ්‍ය වෙන ආරක්ෂක නියෝග වෙතය. බාලවයස්කරුවන් සඳහා වන අපරාධ වගකීම  දෙමාපියන් පිට පැවරීම ප්‍රසිද්ධ ස්ථානවල චතුරස්‍රවල  සිදුවන සංවිධානාත්මක විරෝධතා  අතරතුර සිදුවන ගැටුම් සඳහා වන දඬුවම් වැඩි කිරීම, පූර්වාරක්ෂක අත්අඩංගුවට ගැනීම් සහ මංමාවත්වල හමුදා හා පොලිස් බලඇණි යෙදවීම  ඉහල දමමින් සිටියි .

මෙම ආරක්ෂකවාදී නැඹුරුව ප්‍රයෝජනවත් වන්නේ අභ්‍යන්තර විරුද්ධ මත මර්දනය කිරීමට පමණක් වන අතර, අප ගමන් කරමින් සිටින යුද පාලන තන්ත්‍රයක සූදානම වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී. ඇත්ත වශයෙන්ම, පුරවැසියන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් වන රැකියාව සහ සුරක්ෂිතභාවය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ නිවාස අයිතිය පසෙකලා හමුදා වියදම් ඉහළ නංවමින් තිබේ.   

සැබෑ හදිසි අවශ්‍යතාවය වන්නේ ප්‍රතිකාර ලැබීම තෝරා ගැනීමක් නොව අයිතියක් විය යුතු බැවින් මහජන සෞඛ්‍යය සඳහා මුදල් ආයෝජනය කිරීම මෙන්ම අධ්‍යාපනය සහ නිවාස සඳහා ආයෝජනය කිරීමයි. දුගී සහ අනාරක්ෂිත රැකියා, සූරාකෑම, අනීතික කම්කරු බඳවා ගැනීම් සහ රැකියා ස්ථානවල සිදුවන මරණවලට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවයක් පවතී. දිනකට සාමාන්‍යයෙන් සිදුවන මරණ 3ක් යනු තවදුරටත් නොසලකා හැරිය නොහැකි තත්ත්වයකි .

ප්‍රසිද්ධ චතුරස්‍ර විරෝධතා භූමි  ජනතාවගෙන් පිරී යන අතර එහි ප්‍රධාන ගාමක බලවේගය වන්නේ නිසැකවම ‘Gen Z’ තරුණ පරපුර ය. නමුත් ඒවායේ ශක්තිය රඳා පවතින්නේ සියලු කොටස් එක්වීම (විවිධත්වය) මතය. සිසුන්, කම්කරුවන්, පිරිමින් සහ කාන්තාවන්, තරුණයින් සහ වැඩිහිටියන්, පළමු, දෙවන සහ තෙවන පරම්පරාවේ ඉතාලි ජාතිකයන් මීට ඇතුළත් වේ. මේ අතර, දක්ෂිණාංශික ප්‍රචාරණයන් විසින් බොහෝ කතාබහට ලක්වූ ‘නැවත සංක්‍රමණය කිරීම’ (remigrazione – විදේශිකයන් පිටුවහල් කිරීම) ආරක්ෂාව ලෙස හුවා දක්වමින්, ආරක්ෂාව සම්බන්ධ ගැටලුවලට විසඳුම එය බව අර්ථ දක්වයි. නමුත් එය සත්‍ය නොවන අතර එය තේරුම් ගැනීම වඩා වැදගත් වෙයි.   

මේ අයුරින්, ජාතිවාදයෙන් සහ පන්තිවාදයෙන් සමන්විත දුප්පතුන් අතර නිරන්තර හා වර්ධනය වන යුද්ධයක් ඔවුන් විසින් පෝෂණය කරනු ලබන අතර මෑතකාලීන විරෝධතා මගින් ඉතාලිය පුරා පෙන්නුම් කළ පරිදි අපි ඊට දැඩි ලෙස විරුද්ධ වෙමු. CPR (නැවත පිටුවහල් කිරීමේ මධ්‍යස්ථාන) ලෙස හඳුන්වන රාජ්‍ය රැඳවුම් කඳවුරු මගින් මනාව නිරූපණය කෙරෙන රාජ්‍ය ජාතිවාදයට, සම්බාධකවලට සහ සිරගත කිරීම්වලට එරෙහිව අපි නැගී සිටිමු.”   

එකම සැබෑ ආරක්ෂාව වන්නේ සමාජ සාධාරණත්වයෙන් සහ ජීවිතයේ ගෞරවයෙන් උපදින ආරක්ෂාවයි. සෑම කෙනෙකුටම නිවාස, ආදායම, සෞඛ්‍යය, අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය සහ නිදහසේ ගමන් කිරීමේ අයිතිය හිමිවිය යුතුය. අපගේ ජීවිත සහ පෘථිවිය ධනවාදී සූරාකෑමට හා ප්‍රචණ්ඩත්වයට ලක් කිරීම අවසන් කරන සමාජ පරිසර විද්‍යාවක් (Ecologia sociale) අපට අවශ්‍ය වේ. ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය ආරක්ෂා කෙරෙන සහ සාමකාමී සහජීවනය ප්‍රවර්ධනය කෙරෙන ලෝකයක් අපට අවශ්‍යය.”   

නොවැම්බර් 20 වන සිකුරාදා දින අපගේ සමාජය සමන්විත වන සියලුම පාර්ශ්වයන් එක්රැස් කරන මහා වැඩවර්ජනයක් සමාජීය හා ශිෂ්‍ය වැඩවර්ජනයක් සඳහා අපි බ්‍රෙෂියා (Brescia) නගරයේ වීදිවලට බසින්නෙමු. යුද්ධයට සහ ජීවන වියදමට එරෙහිව අපි අනාගතය අප සතු කර ගනිමු! 

Share post:

Popular

වෙනත් පුවත්

කීරි සම්බා මිල පාලකයා අයවැය තේ පැන් සංග්‍රහයේ

නොවැම්බර් 17 වන දා පැවැති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය...

කාවන්තිස්සගේ මරණයට හේතුව ගැන අධිකරණයේදී අනාවරණයක්

කාවන්තිස්ස හස්තියා මිය යෑමට හේතුව වෙඩි තැබීමක් නොව මහාන්ත්‍රයේ...

මෙන්ඩිස් සමාගම බදු අඩුකරගන්න අල්ලස් දීලා

මෙන්ඩිස් සමාගම විසින් රජයට නීත්‍යානුකූලව ගෙවිය යුතු බදු මුදල්...