හිරුනිකාට ආඩම්බර වෙන්න පුළුවන් වුණාට රටේ බහුතර අම්මලාට දෙතන ගැන ඇත්තේ දුකක්

හිරුනිකාගේ පියයුරු වලින් ඉතා පොඩි කොටසක් දැකලා වයර් මාරු වුනු පිරිමි ගැන ගොඩාක් දෙනෙක් ලිවුවා.
දැන් හිරුනිකත් ලියනවා.
එයා කියනවා : එයගේ පියයුරු ගැන එයා ආඩම්බර වෙනවලු. දරුවෝ තුන්දෙනෙකුට කීරි පෙවූ පියයුරු ලු ඒ. ඔවු ඔබට එහෙම ආඩම්බර වෙන්න තියෙන අයිතිය පිල්ගන්නවා. ඒවා දැකලා මද කිපුණු පිරිමි ගැන තියෙන විවේචනයත් ඉහලයි.
නමුත් තව ප්‍රශ්නයක් තියෙනවා, ඔබතුමිය සම්බන්ද දේශපාලනය යනු ලාංකික ගැහැනු සංහතියම නිරුවත් කරන දේශපාලනක්‌. තමන්ගේ දරුවන්ට දෙන්න දෙතනේ කීරි නැති කරන දේශපාලනයක්‌. දෙතනේ කීරි නැති නිසා, කීරි පැකට්ටුවක් ගන්න ශරීරය විකුනන්න සිද්ද වුණ ගැහැනුන් බිහිකරන දේශපාලනක්‌. ගැහැනුන් වෙළද බහාණ්ඩ බවට පත් කරන දේශපාලනයක්. තමන්ගේ දෙතන ගැන ආඩම්බර වෙනවා වගේම අනිත් කාන්තාවන්ටත් ඒ අයගේ දෙතන ගැන ආඩම්බර වෙන්න පුළුවන් දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී ඉන්න. නැතිනම් මේ අකුරුත් එක්ක කරන හැගීම් බර කතා නිකම්ම නිකම් මුනිච්චාවල් විතරයි.
ටෙරල් අබේසිංහ

තමන්ගේ පියයුරු ගැන හිරුනිකාගේ අදහස

” මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරිදුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි.
(පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරු වලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.
ඔබ මාගේ පියයුරු ගැන කතා කොට, ඒවාට විසුළු කර, සිනා සී, මීම්ස් සදා අවසන් වූ විටෙක ඔබේ දැනගැනීමට ලියාතබමි.
තවත් සිවිල් වැසියෙක් පෝලිමකදී මියගොස් තිබේ. “

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...