බාල ගල් අඟුරු මගඩියට එරෙහිව පෙසප අභියාචනාධිකරණ පෙත්සම අද විභාගයට 

වර්තමාන රජය නොරොච්චෝලේ බලාගාරය  සඳහා මිලට ගත් ගල් අඟුරු බාල ගල් අඟුරු බවට විශාල චෝදනාවක් එල්ල වුනා . එසේ එල්ල වුනු චෝදනාවට පිළිතුරු සපයනවා වෙනුවට ආණ්ඩුව කළේ තමන් අතින් සිදුවූ වරද පිළිබඳව සොයා බලා ඒකට පිළියම් සපයන්නේ නැතිව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඉදි වූ දා සිට බලාගාරය වෙත මිලට ගත් ගල් අඟුරු පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසමක් පත් කිරීමයි.

එසේ පත් කළ කොමිසමෙන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  පුරෝකතනය කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් නිදහස් වී ඔවුන්ට ප්‍රථම බලය හෙබවූ කණ්ඩායම් වරදකරුවන් වන බවයි.එම   ප්‍රකාශය හමුවේ කොමිසම කෙරෙහි තිබුණු විශ්වාසය සහමුලින්ම අහෝසි වී ගිය අතර  ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය  කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කරන්නට නොගිහින් අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වුණා .

බාල ගල් අඟුරු ගෙන්වීමෙන් සිදුවන පාඩුව විදුලි බිල හරහා ජනතාව පිට පටවන්නට ඉඩ නොතබන ලෙස ේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා . අද දිනයේ සියලු කරුණු විමසීමට කාලය ප්‍රමාණවත් නොවුනු බැවින් මෙම පෙත්සම නැවත කැඳවීමට අගෝස්තු මාසේ 24 වනදා කල් ලබා දී තිබේ .

ම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ දක්වන අදහස 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...