බාල ගල් අඟුරු මගඩියට එරෙහිව පෙසප අභියාචනාධිකරණ පෙත්සම අද විභාගයට 

වර්තමාන රජය නොරොච්චෝලේ බලාගාරය  සඳහා මිලට ගත් ගල් අඟුරු බාල ගල් අඟුරු බවට විශාල චෝදනාවක් එල්ල වුනා . එසේ එල්ල වුනු චෝදනාවට පිළිතුරු සපයනවා වෙනුවට ආණ්ඩුව කළේ තමන් අතින් සිදුවූ වරද පිළිබඳව සොයා බලා ඒකට පිළියම් සපයන්නේ නැතිව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඉදි වූ දා සිට බලාගාරය වෙත මිලට ගත් ගල් අඟුරු පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසමක් පත් කිරීමයි.

එසේ පත් කළ කොමිසමෙන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  පුරෝකතනය කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් නිදහස් වී ඔවුන්ට ප්‍රථම බලය හෙබවූ කණ්ඩායම් වරදකරුවන් වන බවයි.එම   ප්‍රකාශය හමුවේ කොමිසම කෙරෙහි තිබුණු විශ්වාසය සහමුලින්ම අහෝසි වී ගිය අතර  ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය  කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කරන්නට නොගිහින් අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වුණා .

බාල ගල් අඟුරු ගෙන්වීමෙන් සිදුවන පාඩුව විදුලි බිල හරහා ජනතාව පිට පටවන්නට ඉඩ නොතබන ලෙස ේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා . අද දිනයේ සියලු කරුණු විමසීමට කාලය ප්‍රමාණවත් නොවුනු බැවින් මෙම පෙත්සම නැවත කැඳවීමට අගෝස්තු මාසේ 24 වනදා කල් ලබා දී තිබේ .

ම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ දක්වන අදහස 

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...