අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු තුවාල ලබා තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
අද (නොවැ:10) පෙරවරු 9.30ට පමණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වවුනියාව දෙස සිට පැමිණි පෞද්ගලික මගී බස් රථයක් පසුකර යාමට උත්සහ දැරූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
රබෑවේ සිදු වු මාරක රිය අනතුර සමිබන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර එම විමර්ශන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩි.එල් සමරසිංහ මිහින්තලය පොලිසියට නියෝග කර ඇත.
අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
මිහින්තලය පොලිසිය කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය රබෑව ප්‍රාදේශයේ අදාල අනතුර සිදුව තිබු ස්ථානය සහ අනතුරට පත් බස් රථ තුන නිරීක්ෂණය කර ඇත.
එකි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරිය මිහින්තලය පොලිසියට තවදුරටත් නියෝග කළේ අනතුරට පත් බස් රථ තුන සමිබන්ධයෙන් වෙන් වෙන් වශයෙන් මෝටර්රථ පරීක්ෂකවරයා මගින් විමර්ශන සිදු කර අදාල වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය අතිරේක මහේස්ත්‍රාත්වරිය අනතුරින් මියගිය මරණකැවන්ගේ මෘතදේහ පරීක්ෂා කර ඇත.
මෑතකාලීනව මේ ආකාරයේ දරුණු බස් අනතුරු සැළකිය යුතු ප්‍රමාණයක් වාර්තා විය. නමුත් ඒ මොහොතේ පමණක් ඒ සඳහා අවධානයක් යොමුවෙන නමුත් ඉන් එපිටට අනතුරු වලක්වා ගන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමුවන බවක් දක්නට නොලැබේ. මෙම සෑම බස් අනතුරකට පසුම ඒ සඳහා හේතු වූ කරුණු ලෙස වාර්තා වී ඇත්තේ ප්‍රමිතියකින් තොර බස් රථ, රියැදුරුවරයා අධික මහන්සියකින් සිටීම, අධික වේගයකින් බස් රථ ධාවනය කිරීමයි. පොදු ප්‍රවාහනයේ යම් ප්‍රමිතියක් පවත්වාගෙන යාමට අපට රටක් ලෙස තවමත් නොහැකි වී තිබේ. ආණ්ඩුව මෙට්‍රෝ බස් දමා සංදර්ශන පවත්වා ප්‍රවාහනයේ ප්‍රශ්නයෙන් ගැලවීමට උත්සහ කරයි. නමුත් ප්‍රවාහන ක්ෂේත්රයේ ප්රශ්නය විසඳීම සඳහා ඉක්මනින් මැදිහත් නොවුනහොත් අපේ රටේ ජනතාව දවස ගණනේ බස් අනතුරුවලින් මිය යාමට සිදුවෙනු ඇති නම් නොවනු මානය .




