‘කහ ඇන්දවීම’ ගැන මාලිංගගෙන් ‘මරු’ උත්තරයක්

Date:

ක්‍රිකට් තරඟ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ සැලකීමේ මුවාවෙන් සිදුකිරීමට නියමිත කහ පැහැති ඇදුමක් ප්‍රවර්ධනය කිරීමේ ආණ්ඩුවේ වැඩසටහනක් හෙට දිනයේ බොහෝ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයන්ගේ අනුග්‍රහයෙන් සිදුකිරීමට නියමිතයි.

එහිදී පැවසෙන්නේ මෙවැනි අර්බුදකාරී වාතාවරණයක මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කෘතගුණ සැළකිය යුතු බවයි.

පසුගිය කාලයේ නයි නටවමින්, වඳ කොත්තු මවමින් සිටි මේ නාලිකාවල අරමුණ දැනට ක්‍රියාත්මක ජන අරගලය ක්‍රියාත්මක සංකේතය ලෙස පවතින කළු පැහැය පිළිබඳ සංකල්පය යටපත් කිරීම බව පෙනේ.

මේ අතර දෙරණ මාධ්‍ය නාලිකාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග හට දුරකතන ඇමතුමක් ලබාගෙන අදාළ කහ පැහැති කෘතගුණ සැලකීමේ වැඩසටහනට සුදු හුණු ගෑමට උත්සහ කර තිබෙනවා.

ඊට කදිම පිළිතුරක් දෙමින් ලසිත් මාලිංග පවසන්නේ එම නාලිකාවෙන් කියන තුරු තමන් එවන් දෙයක් නොදැන සිටි බවයි.

එමෙන්ම ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටීම හා ඕස්ට්‍රේලිායනු කණ්ඩායම මෙරටට පැමිණීම අතර වෙනසක් පවතින බව දෙරණ නාලිකාවේ රයන් උද්දිට ලසිත් මාලිංග පෙන්වා දෙනවා.

මීළඟට පකිස්ථානු කණ්ඩායම මෙරටට පැමිණෙන බවත්, ඉන් අනතුරුව ආසියානු කුසලාන තරඟ මාලාව පැවැත්වෙන බවත් ඒ අනුව කතෘගුණ සලකන විට කවමදාකවත් නිල් පැහැති ශ්‍රී ලංකා ඇදුම ඇදීමට නොහැකි වන බවත් ලසිත් මාලිංග පවසනවා.

නිවේදකයා යළි යළිත් උත්සහ කරනුයේ මෙම කහ පැහැති ඇදුම පිළිබදව කිසියම් හෝ ධනාත්මක පිළිතුරක් ලසිත් මාලිංගගෙන් ලබාගැනීමටයි.

කෙසේවෙතත් ලසිත් මාලිංග අවසාන වශයෙන් පවසන්නේ සමාජ මාධ්‍යවල යන සියලුදේටම පිළිතුරු දීමට තමන් කැමැත්තක් නොදක්වන බවයි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...